මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වාදීමට පියවර

    ඔක්තෝබර් 02, 2018

    ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්වූ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

    ජනමාධ්‍ය හැදුනුම්පත නිකුත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමර්ග සම්බන්ධයෙන් සම්මුතියක් ඇතිකරගැනීමට ජනමාධ්‍ය සංවිධාන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු සහ ප්‍රවෘත්ති කර්තෘවරු සමඟ අදහස් විමසීමේ සාකච්ඡාවක් අද (02) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති අතර එම සකච්ඡාවේ දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව හෙළි කළේ ය.

     මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර තර්ජන ඇතුළු ආරක්ෂාව පිළිබඳ තොරතුරු මෙන්ම රැකියා සුරක්ෂිතතාව පිළිබඳවද මෙම අංකයට දැනුම් දිය හැකි බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

    මෙම හදිසි දුරකථන අංකය මේ මාසය අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව ද මාධ්‍යවේදීන් මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳව හැකි උපරිම මැදිහත් වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද, නිසි ක්‍රමවේදයක් අනුව ජනමාධ්‍යවේදීන්ට නිකුත් කරනු ලබන මාධ්‍ය හැදුනුම්පත මඟින් මෙම මැදිහත්වීම ඵලදායි ලෙස සිදු කිරීමේ හැකියාව ඇති වන බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරය ප්‍රකාශ කර සිටියේ ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya