අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්

    සැප්තැම්බර් 14, 2018

    ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි.

    ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. සෞඛ්‍ය පර්යේෂණ, නියාමනය, සම්බන්ධීකරණය, අධීක්ෂණය, සංවර්ධනය සහ කළමණාකරණය කිරිම සදහා ජාතික මට්ටමේ සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

    ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කළ යුතුය. මේ සම්බන්ධයෙන් 2003 වසරේ දී ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.

    නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ උපදෙස් මත සකස් කරන වත්මන් කෙටුම්පතට අනුව මෙම සභාව සදහා පත් කරනු ලබන සාමාජිකයින්ගේ සංඛ්‍යාව 05 කි. ඉදිරියේ දී පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya