අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දිවි සුරැකීමට රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කරනවා

    සැප්තැම්බර් 14, 2018

    ටක හස්ත කර්මාන්ත ශිල්පීන් යනු එම රටේ අනන්‍යතාව ලොවටම කියාපාන ජාතික සම්පතක් වන බවත්, එම නිසා ඔවුන් රැක ගැනීම රජයේ යුතුකමක් වන බවත්, එම නිසා අපි  ජාතික සම්පතක් වන අපගේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දිවි සුරැකීමට රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී “ශිල්ප අභිමානී 2018 “ හස්ත කර්මාන්ත මහා ප්‍රදර්ශනය නිළ වශයෙන් විවෘත කිරීමේ උත්සවයේදීය.

    ශිල්ප අභිමානී 2018 මහා ප්‍රදර්ශනය 2018 සැප්තැම්බර්  16 දා දක්වා පැවැත්වේ.

    මෙම තරඟ සඳහා නිර්මාණ 8115 ක්, ශිල්පීන් 4138 ක් විසින් ඉදිරිපත් කරනු ලැබීය. මෙයින් නිර්මාණ 1418 ක් පළාත් සම්මානයට පාත්‍ර වූ ඒවායි.

    මේ ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, බංගලාදේශය, නේපාලය සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් අත්කම් නිර්මාණ ශිල්පීන් 25 ක් පමණ සහභාගී වේ.

    ජාතික ශිල්ප සභාව යටතේ හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 112 ක් තිබේ. ඒ යටතේ පුහුණු පාඨමාලා රැසක් පැවැත්වේ. ජාතික ශිල්ප සභාව යටතේ දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් 26,000 ක් පමණ සිටී. මෙම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටියක් ශිල්පින්ට ලබා දී තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    “ මෙම ප්‍රදර්ශනය අපට ඉතා වැදගත් වෙනවා. මෙහි ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්තකරුවන්ගේ නවෝත්පාදන නිර්මාණ මෙන්ම ‍ඵෙතිහාසික හා සම්ප්‍රදායික නිර්මාණයන් රැසක්ද ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම ප්‍රදර්ශනය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව පළමුවෙන්ම දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි හස්ත කර්මාන්ත නිර්මාණශීලි හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දී තිබෙනවා. දෙවන හා තෙවන අදියරයන් යටතේදී හස්ත කර්මාන්ත ශිල්පීන්ට සිය නිර්මාණ සඳහා තරඟාවලියක් පැවැත්වූ අතර, එහිදී දක්‍ෂ ශිල්පීන් තෝරා ගැනීමද සිදු කෙරුණා. ඒ අනුව පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් තෝරාගත් ශිල්පීන්ගේ නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානයත්, ඒවා ප්‍රදර්ශනය කිරීමත් අද සිදු කෙරෙනවා.

    ඕනෑම රටක හස්ත කර්මාන්ත නිර්මාණ මගින් එම රටේ සංස්කෘතිය විදහා දක්වනවා. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රය විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වී තිබෙනවා.

    එමෙන්ම විදේශ විනිමය උපයා දෙන අපනයන මාර්ගයක් බවට   මෙම ක්‍ෂේත්‍රය පත්ව තිබෙනවා. මෙලෙස රටේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද එක සේ වැදගත් මෙම හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට මාගේ අමාත්‍යාංශයෙන් ද දායකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා.

    ජාතික ශිල්ප සභාව යටතේ දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් 26,000 ක් පමණ ලියාපදිංචිය ලබා ගෙන තිබෙනවා. මෙම කර්මාන්තය නගා සිටුවීම සඳහාත්, හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දියුණුව සඳහාත් මගේ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශිල්ප සභාව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරනවා.

    අපගේ තරුණ හා ළමා පරපුර මෙම හස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට යොමු වීම අඩු බව වටහාගත් ජාතික ශිල්ප සභාව අපගේ ළමා පරපුර මෙම ක්‍ෂේත්‍රයට යොමු කරවීමේ අරමුණින් වැදගත් ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවා. ඒ අනුව පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ආරම්භ කළ ශිල්ප නවෝදා වැඩසටහන මගින් දිවයිනේ පාසල් ළමුන් 30,000 ක් සඳහා හස්ත කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වු අතර පාසල් සිසුන් 15,000 ක් සඳහා පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබුවා.

    මෙම වසරේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒ සදහා රුපියල් මිලියන 08 ක් මගේ අමාත්‍යාංශය වෙන් කර තිබෙනවා.

    දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන විවිධ ගැටළු විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ශිල්ප සභා පිහිටුවීමට ජාතික ශිල්ප සභාව කටයුතු කර තිබෙනවා. මේ වන විට දිස්ත්‍රික්ක 11 ක දිස්ත්‍රික් ශිල්ප සභා පිහිටුවා ඇති අතර, ඉතිරි දිස්ත්‍රික්ක සඳහාද මෙම වසර අවසන් වීමට පෙර ශිල්ප සභා පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. මෙම දිස්ත්‍රික් ශිල්ප සභා මගින් එම දිස්ත්‍රික්කවල හස්ත කර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන අමුද්‍රව්‍ය ගැටළු, ප්‍රවාහන ගැටළු වැනි විවිධ ගැටළු විසඳා ගැනීමටත්, ශිල්පීන්ට අළෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා.” යැයි පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු (Tharanjith Singh Sandhu)මැලේසියානු මහ කොමසාරිස්  හැං යැං තායි (Hang Yan Thai), කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාතේ කර්මාන්ත අමාත්‍ය  තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya