අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලධාරීන් බෝනොවන රෝගවලින් ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 14, 2018

    රාජ්‍ය සේවකයින්ගේ සහ වෘත්තිකයින්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහජන සෞඛ්‍ය ඒකකයේ කණ්ඩායම් ප්‍රධානී වෛද්‍ය Lvan D. Lvanov මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේසහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සෞඛ්‍ය ගැටලු පිළිබදව සාකච්ඡා කරන ලදි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෘත්තීය සෞඛ්‍ය ගැටලු විසදීමේ සැළසුම ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයා විසින් මෙහිදී පැහැදිලි කරන ලදි.
     
    රජයේ නිලධාරීන්ට වාර්ෂික වැටුප් වර්ධකය ලබාදීමට ප්‍රථම බෝනොවන රෝග පිළිබදව පරික්ෂා කර බැලීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඔක්තෝබර් මස අවසන්වීමට ප්‍රථම සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය. රජයේ සේවකයින් බෝනොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා මෙම වැඩපිළිවෙල දියත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර  සිටියේ ය.
     
    මෙම අවස්ථාවට අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya