Print this page

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සාංවත්සරික ජාතික මහොත්සවය සැප්තැම්බර් 17 කොළඔ දී

සැප්තැම්බර් 13, 2018

ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය 2018 සැප්තම්බර් 17 වන දින ප.ව 3 සිට 5 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (13) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දි පැවසීය.

මේ සඳහා ත්‍රෛනිකායික අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ද ලැබෙන බව ඇමතිවරයා පැවසීය.

මීට අමතරව එදින පෙරවරුවේ බොරැල්ල කනත්තේදි ධර්මපාල තුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කර තිබෙන ස්මාරකයට උපහාර දැක්විමක් ද සිදු කෙරේ.දැහැමි සමාජයක්,දැහැමි පවුලක් බිහිකිරිමේ අරමුණින් එතුමාගේ ආදර්ශ සමාජ ගත කිරිම මෙහි අරමුණ බව ඇමතිවරයා කිය.

මෙරට නිදහස,බෞද්ධ අධ්‍යායනය,බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරිමේ පුරෝගාමියා වු ධර්මපාල තුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව වර්තමාන දරුවන් දැනුම්වත් කිරිමේ අභිලාෂයෙන් මෙම උළෙල සඳහා පාසල් සිසුන් 800ක් හා අනගාරික ධර්මපාල තුමාගේ වෙනුවෙන් පවත් වනු ලැබු රචනා හා කථික තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබු ළමුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය සිදු කිරිමට නියමිතය.ධර්මපාල චින්තනය ප්‍රචලිත කිරිම මෙම උළෙලේ අරමුණ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


මෙම අවස්ථාවකට සහභාගි වු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ප්‍රකාශ කලේ දේශීයත්වය අගය කරමින් දේශීය කර්මාන්ත නඟා සිටුවිමට හඬක් නැඟුවා.පන්සිල් සුරකින සමාජයක් ,දැහැමි සමාජයක් ගොඩ නැගුමට එතුමා දැරු  උත්සාහය අදටද වලංගු වන බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.