අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝන්ද සිල්වා සහ එල්පිනිස්ටන් රඟහල් වසා දැනුවේ පසුගිය ආණ්ඩුව කාලයේ -ඇමැති විජයදාස රාජපක්ෂ

    අගෝස්තු 17, 2018

    කොළඹ ජෝන් ද සිල්ව සමරු රඟහල සහ එල්පිනිස්ටන් රඟහල වස තිබීම ගැන කලාකරුවන් පිරිසක් ආණ්ඩුවට චෝදනා කරන නමුත් එම රඟහලවල් වසා දමා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචර්ය විජයදස රාජපක්ෂ මහතා පවසයි.

    සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අද(17) පැවැති මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව කරුණු දැක් වූ  අමාත්‍යවරයා,ජෝන් ද සිල්වා සමරු රඟහල පසුගිය ආණ්ඩුව 2012 දී කඩා දැම්මේ ''චොගම් සමුළුව'' පැවැත්වීමට  ''නෙලුම් පොකුණ'' රඟහල පරිශ්‍රයේ රථගාල පුළුල් කිරීම සඳහා ඉඩ ලබා ගැනීමට බවත් දැන් මේ ගැන කෑගහන කලාකරුවන් එදා ඒ බව නොදැන සිටියා විය නොහැකි බවද අමාත්‍යවරයා පැවසී ය.


    එල්පින්ස්ටන් රඟහල ද පසුගිය ආණ්ඩුව කාලයේ 2012 වසරේ දී වසා දැමූ බවත් එහෙත් කිසිදු අලුත් වැඩියාවක් සිදු කොට නැති අතර වත්මන් රජය එහි අලුත්වැඩියා කටයුතු පටන් ගත් බවත් ඔක්තෝම්බර් මාසයට පෙර එල්පින්ස්ටන් රඟහලේ අලුත්වැඩියා කටයුතු අවසන් කොට අමාත්‍යාංශයට බාරදෙන ලෙස කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දී ඇති බවත් පැවසීය. ලබන නොවැම්බර් මාසයේ දී මෙම රඟහල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    කලාකරුවන් සඳහා අයවැය මඟින් පනවා ඇති බදු අඩු කිරීම පිළිබඳ තමා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළ බවත් ළඟදීම එම බදු අඩු කොට කලාකරුවන්ට සහනයක් ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya