අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවට වෙනසක් අවශ්‍ය වුණා - නිදහසේ වැඩක් කරගෙන යන්න තබා ජනතාවට හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ

    අගෝස්තු 17, 2018

    වසර 2015 වනවිට ජනතාවට වෙනසක් අවශ්‍ය වෙලා තිබුණා. නිදහසේ කතා කරන්න,නිදහසේ වැඩක් කරගෙන යන්න තබා ජනතාවට හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ යැයි විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සිකුරාදා සුභාරතී වැඩසටහනට එක්වෙමින් යහපාලන රජයේ තුන් වසර පිළිබඳව අඳහස් දක්වමින් මෙසේ පැවසී ය.

    2015 වසර වන විට රටට, ආණ්ඩුවට, ජනතාවට වෙනසක් අවශ්‍ය වෙලයි තිබුණේ. ගෙනගිය රාජ්‍ය පාලනය නිසා ජනතාවගේ හුස්ම හිර කරලයි තිබුණේ. නිදහසේ කතා කරන්න,නිදහසේ වැඩක් කරගෙන යන්න තබා හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. පසුගිය රජය පවුල් වාදී, වර්ගවාදී, පැසිස්වාට්දී ඒකාධිපතිවාදයක් ගෙන ගියා. මෙය මුළු රටේම වගේම ඔවුන්ගේත් ඛේදවාචකයක් වුණා. මේ නිසා තමයි වෙනසක් රටට අවශ්‍ය වෙලා තිබුණේ . යහපාලන කියන වචනය දැන් විශාල වශයෙන් අවභාවිතා වෙලා තිබෙනවා. සමහර වෙලාවට පුටුවෙ මකුණෙක් කෑවත් අපෙන් අහනව මේකද යහපාලනය කියලා. කොහොම වුණත් එදා පැවති පාලනයට වඩා රටට, ජනතාවට අවශ්‍ය වුණා පැහැදිලි වෙනසක්. ඉතින් අපි බලන්න ඕන අවුරුදු 03ක් ගත වුණු මේ කාලයේ අපි සාර්ථකද අසාර්ථකද තව කොපමණ අපි ඉස්සරහට යන්න ඕනද කියලා.

    ඒ කාලයේ තාත්තලට අරක්කු අම්මලට සිල් රෙදි බෙදුවා. දේශපාලනයට එන නවක තරුණ තරුණියො කල්පනා කළා දේශපාලනයට එන්නෙ මෙහෙමයි කියල. නමුත් අද එහෙම නැහැ. අද පවතින මේ ශිෂ්ඨ සම්පන්න භාවය විනාශ කරන්න පිරිසක් කටයුතු කරනවා. දැන් ව්‍යාජ වීරයෝ පහළ වෙලා තිබෙනවා. ෆේස්බුක් වීරයෝ ඉන්නවා. මේ ව්‍යාජ වීරයෝ එක්ක නෙමේ රටක් ඉස්සරහට යන්නේ. අපට 2017 සෑහෙන වැඩවර්ජන තිබ්බ අවුරුද්දක්. දැන් මේ තිබෙන වැඩ වර්ජන රැල්ලක්.

    ජනමාධ්‍ය ගත්තොත් මේ ගුවන් විදුලි සංස්ථාව ඉස්සර ගත්තේ උදේ පාන්දර හැකර කටකින් මිනිසුන්ට බනින්න. ඔහුට අකමැති සියළු දෙනාටම මඩ ගහන මඩ පැක්ටරි බවට පත් වෙලා තිබුණ මේ රාජ්‍ය ආයතන. ඒ වගේම දුෂිත ආයතන බවට පත් වෙලා තිබුණ. ටෙලි නාට්‍යයක් දාන්න ඕනෙ නම් ලිංගික අල්ලස් දෙන්න වුණා ඒ කාලෙ.

    අද වෙද්දි රජය සහ පෞද්ගලික අංශය අතර ලොකු ගැටුමක් නැහැ. වෘත්තීය සමිති ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාරය ඔක්කොම ගත්තම කවුද මේ. මේ හැමෝම රාජ්‍ය සේවකායෝ. අද අපි රාජ්‍ය සේවකයන්ට කියල තිබෙන්නේ හැම රාජ්‍ය සේවකයෙක් ලඟම පොත් 03ක් තිබෙන්න ඕන. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි වගේම තොරතුරු දැනගැනීමේ පනත. තොරතුරු දැනගැනීමේ පණත ගෙනාපු හැම රටකම මුලින් මේ වගේ ප්‍රශ්න මතු වුණා. කාලයත් එක්ක මේ ගැටළු විසඳෙයි. අපේ රටේ රාජ්‍ය ආයතන ගණනාවක් මේ තොරතුරු දැනගැනීමේ සංස්කෘතියට දැන් හුරුවෙමින් තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya