අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල පිළිබඳ දිසාපතිවරු දැනුම්වත් කරයි

    අගෝස්තු 17, 2018

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලට අදාල ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලීම් කළේ ය.

    ඊයේ(16) දින පෙරවරුවේ කොළඹ සංවර්ධන පරිපාලන ආයතනයේ දී අප රටේ සියලුම දිස්ත්‍රික්කවල දිසාපති වරු සමඟ පැවති සාකච්ඡාවකට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල යන මැති ඇමතිවරු සහභාගී වූහ.

    මෙම රැස්වීමේ දී අදහස් පල කළ කෘෂිකර්ම අමාත්‍යවරයා - මීට දශක දෙකකට පෙර දළ දේශීය නිෂ්පාදිතයට 27% ක දායකත්වයක් ලබාදුන් කෘෂිකර්ම ක්ෂේත්‍රය 2017 වන විට 7.7% දක්වා පහළ බැස ඇති බවත්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීමට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බවද, විශේෂයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල තිබෙන ගැටළු හා සම්පත් හදුනාගනිමින් කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය උදෙසා අවශ්‍ය සහයෝගය ලබාදීම රජයේ නිලධාරීන්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    එමෙන්ම “ අපි වවලයි - අපි කන්නේ ” වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ විස්තරයක් අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඉදිරිපත් කළේ ය. එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අතර, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින කෘෂිකාර්මික සම්පත් හඳුනාගනිමින් කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya