අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට වත්මන් රජය කැප වී සිටිනවා

    අගෝස්තු 17, 2018

    වත්මන් රජය උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට කැපවී සිටින බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    යාපනය ශික්ෂණ රෝහලේ ඊයේ (16) පෙරවරුවේ පැවැති උත්සව අවස්ථාවන්ට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    රුපියල් මිලියන 530 ක ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහල් භුමියේ ඉදිකරන පුනරුත්ථාපන රෝහල සදහා මුල්ගල තැබීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද හෙද නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.

    ඉන් පසු පැවැති උත්සව අවස්ථාවේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය පුරප්පාඩු 73 ක් ඇති බව මට දැන් දැනුම් දුන්නා. කඩිනමින් වෛද්‍යවරුන් 33 ක් ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා. කණිෂ්ඨ සෞඛ්‍ය සහායකයින් 62 ක් හෙට දිනය වනවිට යාපනය ශික්ෂණ රෝහලට ලබාදෙනවා. මාතෘ සායන ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබාදෙන අතර, යාපනය පල්ලිය මගින් රෝහල් සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ඉඩමක් ලබාදීම මම අගය කරනවා. හෘද රෝග ඒකකය ඉදිකිරීමට ද පියවර ගන්නවා. උතුරේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු සදහා බිලියන ගණනාවක මුදලක් වාර්ෂිකව වැය කරනවා. දේශපාලනඥයින් වන අපගේ වගකීම තමයි අවශ්‍ය පහසුකම් ලබාදීම. එමගින් උතුරු පළාතේ ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්න පුළුවන්. වත්මන් රජය උතුරේ ජනතාවට සියලු නිදහස ලබාදීමට කටයුතු කරනවා. මම අද සතුටු වෙනවා උතුරේ ජනතාව නිදහසේ වර්ජන, විරෝධතා වල නිරතවීම ගැන. දකුණේ ජනතාව වගේ ඔවුන්ටත් ඒ සදහා අයිතියක් තිබෙනවා. තවත් අතකින් ඒ තමයි ලැබී ඇති නිදහස පෙන්නුම් කරන අවස්ථාවක් වන්නේ. 30 වසරක යුද්ධයක් නිසා ඔවුන්ට නිදහස ලැබුනේ නැහැ. අපි 21 වන ශතවර්ෂයට ලගා වී තිබෙනවා. සාකච්ඡා මාර්ගයෙන් පවතින ගැටලු වලට විසදුම් ලබාදෙන්න පුළුවන් මගේ ජීවිතය තුල සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් වෙනුවෙන් එක ලෙස හඩ නගනවා. යාපනයේ දුප්පත් ජනතාවට අවශ්‍ය අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට යාපනය රෝහල පත් කිරිම මගේ අරමුණයි. මම ආරම්භ කළ සෞඛ්‍ය තීන්දු තීරණ ජාත්‍යන්තරය පවා අගය කර තිබෙනවා.”
    යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම, ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීම, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර ජනතාවට සහන සැළසීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වීම යන කරුණූ පදනම් කර ගනිමින් උතුරු පළාතේ ජනතාවගේ සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා විසින් පිළිගන්වනු ලැබුයේ යාපනය ශික්ෂණ රෝහලේ පැවැති සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු පැවැති උත්සව සභාවේ දීය.

    මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයකලා මහේෂ්වරන්, මාවෙයිසේනාධිරාජා, එස්.සර්වණභවන්, උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya