අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරය ප්‍රසාද දීමනාවක්

    අගෝස්තු 17, 2018

    ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමු වරට සියලුම සේවකයන් සඳහා රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට තීරණය කරයි.

    මේ දක්වා එම සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් නමුත් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද ඉතිහාසයේ පළමු වරට එම මණ්ඩලය මේ රටේ ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    පසුගිය 2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සිටින බවද මේ සියලු සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් හැකි පමණින් ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya