මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිදහස ,රාජ්‍ය සේවයේ නිදහස,අධිකරණයේ නිදහස වැනි දැවැන්ත ජයග්‍රහන ලබාගත්තා

    අගෝස්තු 17, 2018

    මේ රටේ මාධ්‍ය නිදහස ,රාජ්‍ය සේවයේ නිදහස, අධිකරණයේ නිදහස වැනි දැවැන්ත ජයග්‍රහන රජය ලබාගෙන තිබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

     

    තවදුරටත් අඳහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මැරුවා. උපලි තෙන්නකෝන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළා. කීත් නොයාර්ට වඳ හිංසා දීලා තිබුණා. අප මේ රටේ මාධ්‍ය නිදහස ,රාජ්‍ය සේවයේ නිදහස, අධිකරණයේ නිදහස දැවැන්ත ජයග්‍රහන ලෙස ලබාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා හැදුවා කියන දකුණු අධිවේගී මාර්ගය ආණ්ඩු තුනක උත්සාහයක්. මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩ අවසන් කරලා, අවුරුද්ද අවසානයේ විවෘත කරන්න පුළුවන් කියලා සිතනවා. අපි ලෑස්තියි මාතර - හම්බන්තොට මාර්ගයේ ගෞරවය හවුලේ බෙදා ගන්න. මහා පරිමාණ ව්‍යාපෘති වසර තුනකින් හදලා ඉවරද කියලා අහන්න එපා. දැන් මිනිස්සු දන්නවා මොනව කළත් ගුටි කන්නේ නෑ. පැහැරගෙන යන්නේ නෑ කියලා. මේ නිදහස තුළ පටු ආත්මාර්ථකාමී අරමුණු උදෙසා වර්ජනවලට පෙළඹෙන තත්ත්වයක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටිය් ඒ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya