අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ නිදහස වල්බූරු නිදහසක් කරගන්නේ නැතිව රටේ ප්‍රගතිය සඳහා ක්‍රියා කරමු

    අගෝස්තු 17, 2018

    චෝදනා රට හමුවේ ප්‍රචලිත කරන්නේත් දැන් නිදහස තිබෙන නිසා. හැබැයි මේ නිදහස වල්බූරු නිදහසක් කරගන්නේ නැතිව යම් ප්‍රමානයකට පාලනය කරගෙන රටේ ප්‍රගතිය සඳහා ක්‍රියා කිරීම වැදගත් බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

    යහපාලන රජයට වසර 03ක් සපිරීම නිමිත්තෙන් වත්මන් ආණුවේ ගමන් මග සහ ඉදිරි දැක්ම් පිළිබඳව සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයකු වන පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට දැක් වූ අදහස්......

    වර්තමාන ආණ්ඩුවට වසර 3ක් සම්පූර්ණ වෙනවා මේ අගෝස්තු 17 වෙනිදාට. ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඉවත් කරලා මේ වෙනකොට වසර 03 ½ පමණ ගතවෙලා තිබෙනවා.

    මේ පත්කරල තිබෙන්නේ ඒකාබද්ධ ආණ්ඩුවක්.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධවෙලයි මේ ආණ්ඩුව ගෙනයන්නේ.මේ ආණ්ඩුව පත්කරගන්න මහන්සි වුණ අය අපි. අපේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තිබුණා. මූලිකවම රටේ ප්‍රජාත්‍රන්තවාදය තහවුරු කරන එක. නිදහස තහවුරු කරන එක. අනෙක් පැත්තෙන් නීතියේ ආධිපත්‍ය තහවුරු කරන එක ඒ වගේම මිනිස්සුන්ගේ ආර්ථික පහසුකම් දියුණු කරන එක, හොරු දූෂිතයන්ට දඩුවම් දෙන එක වගේ කාරණා පිළිබඳ ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටියා. මේ බලාපොරොත්තු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉෂ්ඨ වෙලා තිබෙනවා.අද වන විට නිදහස තහවුරු වෙලා තිබෙනවා. රෑ 1ට 2ට වුණත් ඕනකෙනෙකුට තනියම යන්න පුළුවන්. සුදු වෑන් එන්නේ නැහැ. අල්ලල අතපය කඩන් නැහැ.පහරදෙන්නේ නැහැ. දේශපාලන කාරණා මත මහපාරේ මරල දාන තත්වයට අද පත්වෙලා නැහැ. ඉතින් නිදහස පැත්තෙන් සැලකිය යුතු තත්වයක් තිබෙනවා. ජනමාධ්‍ය පැත්තෙනුත් එහෙමයි.අද ජනාධිපතිතුමා විවේචනය කරන්න පුළුවන්, අගමැතිතුමා විවේචනය කරන්න පුළුවන්. එහෙම කරයි කියල අල්ලන් ගිහින් අතපය කඩල දාන තත්වයට පත්වෙලා නැහැ. හැබැයි ඒ නිදහස වැරදි විදියට පාවිච්චි කරන තත්වයක් අද දකින්න තිබෙනවා. ඉතින් ඒ ගැන හිතලා කටයුතු කරන එක ජනතාවගේ වගකීමක්.

    අනෙක් පැත්තෙන් ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කලා. 19 වන සංශෝධනය ගෙනාවා. පාර්ලිමේන්තුවට සැළකිය යුතු බලයක් ලැබුණා. ජනාධිපතිවරයාගේ බලතල අඩු කරලා. ඒ වගේ තනි පුද්ගලයකු සතු දේශපාලන බලය පාර්ලිමේන්තුවට පවර ගත්තා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් මතක් කරන්න ඕන. උන්වහන්සේලා සහ අපි එකතුවෙලා තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පණත සම්මත් කළා.එය රටට, ජනතාවට, ජනමාධ්‍යට විශාල සේවයක් . අනෙක් පැත්තෙන් විගණන පනත ඇති කළා. මූල්‍යමය පාලනයක් ඇති කරන්න. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලා තිබෙනවා. ජනාධිපතිවරයා කතා කරලා විනිසුරු වරු පත්කරන තත්වයක් අද නැහැ.

    ආණ්ඩුව අතින්ම සිද්දවෙච්ච වැරැද්දක් තමයි බැඳුම්කරගනුදෙනුව. ඒ වෙනුවට පත් කල ජනාධිපති කොමිසමට නිදහසේ කටයුතු කරන්න හැකියාව ලැබුණා. අනෙක් පැත්තෙන් ආර්ථික නිදහස තහවුරු කළා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. ඒ අනුව රුපියල් 16,000 සිට රුපියල් 40,000 දක්වා වැටුප් වැඩි වුණා ස්ථිර ලේකම් දක්වා. මහපොළ ශිෂ්‍යත්ව වැඩි කළා. වැඩිහිටි ගිණුම් වල පොළිය වැඩි කළා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කළා.

    හැබැයි අනෙක් පැත්තෙන් ආණ්ඩුවට එන චෝදනාත් තියෙනවා, මිලියන ගණන් හොරකම් කළාට කවුද ඇල්ලුවේ කියලා. ඇත්තටම හුගක් අයගේ පරීක්ෂණ කරල තිබෙනවා. ඇල්ලුවා. රිමාන්ඩ් කලා .නමුත් ඔවුන් නිදහස් වෙලා අද ඉන්නවා විරයෝ වගේ.

    අධිකරණ කටයුතු ඉක්මන් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටෙව්වා. තව දෙකක් පිහිටුවන්න තිබෙනවා. ඒ වගේ හොද සහ නරක දෙකම තිබෙනවා. අනෙක් පැත්තෙන් ඔය සිංගප්පූරු ගිවිසුම වගේ දේවල්. හම්බන්තොට වරාය.

    රජයේ දේවල් පෞද්ගලීකරණය කරනවා වැනි චෝදනාත් ආණ්ඩුවට එල්ල වෙලා තිබෙනවා. අපි දන්නවා හම්බන්තොට කියන්නේ නැව් එන්නැති වරායක් මහින්ද රාජපක්ෂ හැදුවේ. ඒවා ආර්ථිකයට,රටට බරක් වෙලා තියාගන්නවාට වඩා රාජ්‍යයන් රාජ්‍යයන් අතර විකුණන් නැතිව ගිවිසුම් ගහල කළමණාකරනය කර ගැනීම වැදගත්. ඒ වගේම විපක්ෂය බලයට පත් වෙලා ඉන්න කාලයේ හමුදා මූලස්ථානය පව චීනයට වික්කා. ඒකත් මේ ආණ්ඩුව 99 අවුරුද්දක බද්දට යටත් කරලා දැන් විකිණීම කියන කාරණය නතර කරලා තිබෙනවා. මේ චෝදනා රට හමුවේ ප්‍රචලිත කරන්නේත් දැන් නිදහස තිබෙන නිසා. හැබැයි මේ නිදහස වල්බූරු නිදහසක් කරගන්නේ නැතිව යම් ප්‍රමාණයකට පාලනය කරගෙන රටේ ප්‍රගතිය සඳහා ක්‍රියා කිරීම තමයි වැදගත් . දුර්වලකම් හදාගෙන ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක වෙන්න ඕන.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya