අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමඟිය ගොඩ නැගිම අතින් රජය ඉතා හොද මට්ටමක සිටිනවා

    අගෝස්තු 17, 2018

    ජාතික සමඟිය ගොඩ නැගිම අතින් රජය ඉතා හොද මට්ටමක සිටින බවත් දැන් තිබෙන්නේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ ඉලක්කයි සපුරාගැනීම බවත් පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

    යහපාලන රජය උදාකරගැනීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි යහපාලන ආණ්ඩුවට වසර තුනක් සපිරීම වෙනුවෙන් ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව දැක්වූ අඳහස්....


    අගෝස්තු 17 වෙනිදාට යහපාලන ආණ්ඩුවට අවුරුදු 3ක් වෙනවා.ඒ අවුරුදු 3 දෙස ආපහු හැරිලා බලන කොට හිටපු ආණ්ඩුවත් එක්ක සසදන කොට තිබුණු අභියෝග එක්ක බැලුවොත් අපිට කියන්න පුළුවන් සෑගෙන දුරට සාර්ථක අවුරුදු 3ක් ආවා කියලා.නමුත් සියයට සියක් යහපාලනයෙන් බලාපොරොත්තු වුණු දේවල් සම්පුර්ණ කර ගන්න බැරිවෙලා තියෙනවා.නමුත් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. අපි ව්‍යුහාත්මක වෙනස් විම් ගැන බලද්දි සෑහෙන්න සාර්ථක වෙලා තියෙනවා, ජාතික හා ජාත්‍යන්තර වශයෙන්. අපිට ඒ නිසා සංතෝස වෙන්න පුළුවන් මේ රජය ගේන්න කටයුතු කරපු කෙනෙක් වශයෙන්.

    උදාහරණයක් වශ‍යෙන් කියනවා නම්, ඒවා සාමාන්‍ය සමාජයේ කුසට සෘජුව දැනෙනවා නෙමෙයි. නමුත් රටක් වශයෙන් බැලුවොතින් ලෝකයත් එක්ක යන ගමනේදි ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. උදාහරණ වශයෙන් මානව හිමිකම් කොමිසමෙන්අපිට ආපු තහංචි අද කිසිවක් නෑ.ජක්සත් ජාතින්ගේ සංගමයෙන් අපි වටළලා අපිට හුඳකලා කරන්න හදපු තත්ත්වය අද අපිට නෑ.ලෝකයේ දෙකට බෙදිලා අපි අපහසු තත්ත්වයට ගේන්න හදපු තත්ත්වය අද නැ.ලෝකයේ සියලුම රටවල් අපිත් එක්ක මිත්‍ර ගණුදෙනු කරන තත්ත්වය පත් වෙලා තියෙනවා.

    අපව වටලලා,පහරදීලා හුදෙකලා කරන තත්ත්වය අද අපි සම්පූර්ණයෙන් ම නැති කරලා තියෙන්නේ.විදුලි පුටු වැනි දේවල් නෑ.ඒවා ඉවර කරලා යථා තත්ත්වය ගෙනනැල්ලා තිබෙනවා.ඒක
    ජාත්‍යන්තර වශයෙන් අපි ලැබු ලොක් ජයග්‍රහණයක්.ඒ වගෙම තමයි තොරතුරු දැන ගැනිමේ පනත වගේ දේවල්ගනැල්ලා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් ජයග්‍රහණ අත්පත් කර ගත්තා. ඒ වගේම විඝණන පනත අනුමත කරගත්තා.ඒවා අද සම්මත කරලා, ක්‍රියාත්මක වෙනවා.ඒකෙන් දූෂණ හා අක්‍රමිකතා නාස්තිය පිටු දකින්න අවශ්‍ය කරන ප්‍රබලතම මැදිහත්විම කරලා තියෙනවා. ඒනිසා කාටවත් ලෙහෙසි නෑ, මුදල් අවභාවිතයේ යොදවන්න.අපි ලොකු ජයහ්‍රහනයක් ලබා ගෙන තියෙනවා.

    කාලයක් තිස්සේ කිසිවෙකුට කරන්න බැරි වෙච්ච බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ සඳහා ඖෂධ පනත අපි සම්මත කරගත්තා මුලදිම .ඒක හුඟක් ලොකු ජයග්‍රහණක්. ඒ නිසා 80%ක ප්‍රමාණයකින් ඖෂධ වල මිල අඩුවෙලා තියෙනවා. ඒ වගේ ම ජාවාරම් කාර ඖෂධ මාෆියාවට පිළිතුරු සපයන්නට,ඒ අයට ඕන ඕන වෙලාවට අපේ රටේ ජනතාව හුසුරුවන්නට තිබුණු අවස්ථාව අහිමි කරලා තිබෙනවා.සෞඛ්‍ය කේෂ්ත්‍ර විශාල ජයග්‍රහණයක් මේ මාර්ගවලින් අපි අත්පත් කරගෙන තිබෙනවා.

    අධ්‍යපන කේෂ්ත්‍රයේ ඉස්සර වගේ නෙමෙයි දැන් මාරු ප්‍රතිපත්තියක් හදලා තිබෙනවා.ඒවා දේශපාලනයෙන් තොරව,ප්‍රතිපත්තියට යනවා. ඒවගේම අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය වේගයෙන් ඉහළ දමලා තිබෙනවා.

    විශ්ව විද්‍යාලවලට ගත්තොත් සියලුම විශ්ව විද්‍යාලවලට අවශ්‍ය කරන සියුල ම නේවාසිකාගාර සම්පුර්ණ කරමින් යනවා.අතිරේක පීඨ 5ක් ආරම්භ කරලා තිබෙනවා තාක්ෂණික ඊට අමතරව ඉංජිනේරු පීඨය හා අනිකුත් පීඨ ආරම්භ කරලා තිබෙනවා.ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරලා තිබෙනවා.මහපොළ සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි කරලා තිබෙනවා.ඒ අනුව අධ්‍යාපන කේෂ්ත්‍රෙය් විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා.''ළඟම පාසල හොඳම පාසල'' ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා.විශෙෂයෙන් ම යුද අධිකරණ,ජාත්‍යන්තර විනිසුරුවරු ගෙන්න කියලා පහුගිය ආණ්ඩු කාලේ ජාත්‍යන්තරය උත්සහ කළේ මොකද රට ඇතුළේ තිබුණු අධිකරණවල විස්වාසය ජාත්‍යන්තරයේ තිබුණේ නැ. අපි දන්නවා රට ඇතුළේ තිබුණු ජාත්‍යන්තරය ක්‍රියාත්මක වුණු හැටි.ඒක දේශපාලයෙන් පිරුණු තැනක් වුණා. උදාහරණයක් විදියට ශිරාණි බණ්ඩාරනායක නෙරපිම, සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් ආකාරය ගත්තත් අනිකුන් අධිකරණවලට මැදිහත් විම් ඕන තරම් වුණා.නීතියේ ආධිපත්‍යය තිබුණේම නැති අරාජික රටක් වෙලයි තිබුණේ.

    නමුත් අද ජනාධිපතිට බනින්න පුලුවන්,අගමැතිවරයට බනින්න පුළුවන්. ඒවගේම බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත්තා ඒ අය තාමත් රිමාන්ඩ්.ඒ කාලේ වැරදි කරන්න ඉඩදිලා තිබුණා,වැරදි කරපු අය ආරක්ෂා කළා. අද වැරදි වුණත් ඒවට අදාළ අය අත් අඩංගුවට ගන්නවා.ඒවා ආරක්ෂා කරන්නේ නැ. රජය නිතිය ඕන විදියට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දිලා තියෙනවා. අධිකරණ නිලධාරින්ගේ හා විනිසුරුවරුන්ගේ වැටුප සියට තුන්සියයකි ඊට පෙරේදා වැඩි වුණා.ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ස්වාධීනව තම තින්දු ගැනිමට කොන්ද ඇතිව වැඩ කරන්න කියන පසුබිම තමයි මේ ආණ්වු හදලා දිලා තියෙන්නේ.

    ඒවගේ ප්‍රතිඵල තමයි මේ ඉස්සරහාර එමින් තියෙන්නේ. ඉිදිරියට මහජනයාට සැකයකිවන් තොරව තමන්ගේ දුක්ගැ නවිලි විසඳ ගන්න පුළුවන්.මං හිතනවා මේ ආණ්ඩුවට විරුද්ධ අදහස් තියෙන අය පවා පිළි ගන්නවා මේවා. ශ්‍රි ලංකාව ජාතීන් කීපයක් සිටින රටක්. දෙමළ, මුස්ලිම් හා සිංහල හා බර්ගර් කියලා .මහින්ද රාජපක්ෂ කරන කාලෙදි ඒවා ඔක්කෝම එකිනෙකාට විරසක කරන කාලයක් තිබුණේ. පල්ලි වලට ගහනවා.කඩ ගිනි තියෙනවා.ඔවුනොවුන් මරා ගන්නවා.මාධ්‍ය තුළ ගිනි තිබ්බා.බේරුවල ගිනි තිබ්බා.ඒ කාලෙ අරාජිකයි.ජාතිකත්ව මරා ගන්න තැනට පත් වෙලා ත්බුණා. නමුත් අද ඒවා කිසිවක් නෑ.අද ජාතිවාදය නැ.ආගම්වාදි මතවල් පතුරන්න කවුරුත් නෑ.ඒවට කිසි කොනකුට අවස්ථාවක් නැ.මහනුවර ඇති වුණු සිද්ධියට සම්බන්ධ වුණු මහසෝන් බලකාය වගේ අයව තමත් අත්අඩංගුවේ ඉන්නවා. ජාතික සමඟිය ගොඩ නැගිම අතිනුත් අපි ඉතා හොද මට්ටමක ඉන්නවා. අපිට දැන් තිබෙන්නේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ ඉලක්කයි.ආර්ථික සංවර්ධනය කිරිම ලේසි නෑ. එක රැයින් කරන්න බැ. ආදායමට වඩා වියදම වැඩි කරපු රටක් අපිට තිබෙන්නේ. 2019/2018/2020 යන අවුරුදු කිහිපය හරිම විශාල ණය හා පොලි වාරික ගෙවන්න තිබෙන රටක්. අපි ඒ නිසා සැළකිය යුතු අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා. නමුත් අපිට ණය ගෙවන්න තියෙනවා. මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ගේ රුපියල් 10000 කින් වැටුප් වැඩි කළා, සමෘද්ධිය ඩබල් කළා යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පවසූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya