මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර තුනක් තුළ රටේ සැමට නීතිය සාධාරණව ලබාදෙන්න හැකි ලෙසට ස්වාධීන කොමිෂන්සභා පිහිටුවා තිබෙනවා

    අගෝස්තු 17, 2018

    වසර තුනක් තුළ මේ රටේ සැමට නීතිය සාධාරණව ලබාදෙන්න හැකි ලෙසට ස්වාධීන අධිකරණය, ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභා පිහිටුවලා,ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙනවා යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අගෝස්තු මාසයේ 17 දිනට වත්මන් යහපාලන රජය පත් වී වසර තුනක් සපිරීම වෙනුවෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ''අගෝස්තු 17 දින වන විට අපේ රජයට වසර තුනක් සපිරෙනවා. වසර තුනක් ගත වනවිට රජය විශාල වැඩකොටසක් ඉටු කර ජනතාව ඉදිරියට යන්නේ. නීතිය හා සාමය පැත්තෙන් බැලුවොත් මේ රටේ සැමට නීතිය සාධාරණව ලබාදෙන්න හැකි ලෙසට ස්වාධීන අධිකරණය,ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභා 11ක් පිහිටුවලා,ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර තිබෙනවා. අද මේ රටේ සුදු වෑන් වලින් උස්සන් යන්නේ නෑ.මිනී මැරුම් අඩු වී තිබෙනවා. මංකොල්ල කෑම අඩු වී තිබෙනවා. ස්ත්‍රී දුෂණ අඩු වෙලා. රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සකසා තිබෙනවා. අපරාධ සංඛ්‍යාත්මකව අඩු වී තිබෙනවා. කුඩු අල්ලනවා.

    පොලීසියේ සියයට 40%කින් වැටුප් වැඩි වී තිබෙනවා. පොලීසියේ උසස්වීම් නොලබා සිටින නිලධරීන්ට උසස්වීම් ලබාදෙන්න කටයුතු කරනවා. රටේ ආර්ථිකය දෙස වැලුවොත් රජයේ සේවකයාගේ ආර්ථිකය,රුපියල් දස දහසකින් පඬි වැඩි කරලා,දීමනා වැඩි කරලා, ශක්තිමත් කර තිබෙනවා. ගොවියාගේ වී මිල වැඩි වී තිබෙනවා. බඩඉරිගු මිල වැඩි වී තිබෙනවා. ''තේ'' මිල වැඩි වී තිබෙනවා. ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් වී තිබෙනවා.

    ජීවන වියදම රාජපක්ෂ ආණ්ඩුවට වඩා බඩු මිල අඩුයි. ඉන්ධන, ගෑස්, බඩු මිල අඩුයි. බොරු උද්ඝෝෂණ ගෙන යනවා මේ රටේ බඩු මිල වැඩියි කියලා. සමස්තයක් ලෙස ගත් විට අවුරුදු තුන ඇතුළත ජනතාවට සහන ලබා දී තිබෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා, ආර්ථිකය ශක්තිමත් කරලා,ණය ගෙවාගෙන, විශාල සංවර්ධනයක් සිදු කරනවා. මහනුවර අධිවේගී මාර්ගය, හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය, ඉදිකරගෙන යනවා. ලබන වසරේ බිලියන 7.5ක වාරි යෝජනා ක්‍රම පටන් ගන්නවා. ගම් පෙරළිය සීග්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්. ගම් උදාව වගේ මහවැලිය වගේ ගම් පෙරළියෙන් රටේ පෙරළියක් ඇති කරන්න කටයුතු කරනවා. හොරු අල්ලන එක කරන්න තිබෙනවා. ඒකට විශේෂ අධිකරණයක් පිහිටුවලා තිබෙනවා. සාමාන්‍ය අධිකරණ පද්ධතියේ තිබෙන ප්‍රමාදය වළක්වන්න විශේෂ අධිකරණයක් පිහිටුවලා, මේ රටේ ජනතාවගේ මුදල් මංකොල්ල කපු අයට දඬුවම් දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya