අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර තුන ඇතුළත දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළා

    අගෝස්තු 17, 2018

    වසර තුන ඇතුළත දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කිරීමට හැකි වූ බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අගෝස්තු මාසයේ 17 දිනට වත්මන් රජය පත් වී වසර තුනක් සපිරීම වෙනුවෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    වසර තුනක රජයේ කාල සීමාව පිළිබඳව කතා කරන විට රජය ආරම්භ කරන විට එම රජයේ සිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා.අපි තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ඒමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනැල්ලා සම්මත කරගන්න සමත් වුණා.එදා ණයාට අඳු කොළ වගේ තිබුණු වර්තමානයේ විපක්ෂයේ අය'' තොරතුරු දැනගන්න පනත් මොකටද? ඕන තොරතුරක් දැනගන්න මගේ මගෙන් අහන්න'' කියපු නායකයන් හිටපු අවස්ථා අපට මතකයි.අප තොරතුරු දැනගැනීමේ පනත රජයක් ලෙස ගෙනාවා.රජය බය නැතිව එම පනත ගෙනාවා.අද ඕනෑ ම තොරතුරක් ජනතාවට ලබාගැනීමට පුළුවන්. එදා පාර්ලිමේන්තුවේ විරුද්ධ වූ අය අද තොරතුරු පනතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ගැන විමසනවා. පනත පාවිච්චි කරමින් ප්‍රයෝජන ගන්නවා. මේ ජයග්‍රහන සියල්ල ලබාදුන්නේ මේ වසර තුන ඇතුළත ජනාධිපතිතුමාත්,අගමැතිතුමාත් ප්‍රමුඛ වර්තමාන රජයයි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya