අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජයට නීතියේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට හැකි වී තිබෙනවා- මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

    අගෝස්තු 17, 2018
     
    ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයන්න ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබූ බවත්  වත්මන් රජයට නීතියේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට හැකි වී තිබෙන බවත් පසුගිය ආණ්ඩුවට වඩා වෙනසක් වත්මන් ආණ්ඩුව සිදු කර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
     
    අගෝස්තු මාසයේ 17 දිනට වත්මන් යහපාලන රජය පත් වී වසර තුනක් සපිරීම වෙනුවෙන් අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
     
    ''ආණ්ඩුවට තිබෙන මූලිඅක් වගකීම තමයි, ජාතික ආණ්ඩුවක් ලෙස යන විට ජාතික ආණ්ඩුව ඇයි පිහිටුවනු ලැබුවේ කියන එක නැවත ඇසිය යුතු වෙනවා. ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයන්නයි ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ. ජාතික ප්‍රශ්නය වසර 70 ගණනක් රටේ තිබෙනවා. එය නිරාකරණය කරන්න නම් අපට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන.
     
     මේ ආණ්ඩුව පත් වුණාම එයට ක්‍රමවේදයක් අප සකස් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කරලා, මෙහෙයුම් කමිටුව, උප කමිටු පත් කරලා, අතුරු වාර්තාවක් වාද කළා පාර්ලිමේන්තුවේ. දැන් තිබෙන්නේ අවසන් වාර්තාවක් හදල ඉදිරියට ගෙන යන්නයි. එය අවසන් කළානම් මේ ජාතික ආණ්ඩුව ජයග්‍රහනයක් කළා කියලා කියන්න පුළුවන්.රටේ මූලික ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා ආණ්ඩුවට කියන්නත් පුළුවන්. රටේ ජීවත් වෙන හැම කොටසකටම මේ  ප්‍රශ්නය නිරාකරණය කළා කියලා සතුටු වෙන්න පුළුවන්. 
     
    නීතියේ ආධිපත්‍ය, හරි ආකරයට හරවලා තිබෙනවා. ගිය ආණ්ඩුවට වඩා වෙනසක් කර තිබෙනවා.උතුරේ ජනතාවට විශ්වාසයේ අඩුවක් තිබෙනවා. ඉතිහාසයේ විසඳුම් ලැබුණේ නෑ. මේ වතාවෙත් මේක ඉවර කරන්න බැරි වෙයි කියලා සැකයක් තිබෙනවා. ආණ්ඩුව එය කළා නම්, රටේ ජීවත්වන පුරවැසියන් ලෙස ඔවුන්ටත් ආණ්ඩුව ගැන දැඩි විශ්වාසයක් ඇති වෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya