මෙම විද්වත් වාර්තාව පසුගියදා (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. මේ වනවිට අප රටේ සියලුම ප්‍රදේශවල පස්වල සංයුතිය පරීක්ෂාවට ලක් කර තිබේ. එම පර්යේෂණ අනුව අපේ රටේ බොහෝ ප්‍රදේශවල ඇති පස්වල අඩංගු පොස්පරස් හා පොටෑසියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතී. එහෙත් තවමත් අපේ රටේ ගොවීන් අධික ලෙස රසායනික පොහොර යොදන්නේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසා බව රටේ පාංශු සංයුතිය පිළිබඳ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
පස් පරීක්ෂා කර පෝෂක ද්‍රව්‍ය පසට යෙදීම පැරණි ක්‍රමයක් වුවත් ඊට අධික ලෙස වියදම් වන බැවින් පහසුවෙන් උපයෝගි කර ගත හැකි වන පරිදි ට්‍රාන්ස්කෙම් නමින් ස්ථානීය පාංශු පරීක්ෂණ කට්ටලය හඳුන්වා දී තිබේ.
තිරසාර බෝග නිෂ්පාදනයන් සඳහා පාංශු පරීක්ෂණ කට්ටලයක් හඳුන්වා දීමට කාලයක සිට ගන්නොරුව, බතලගොඩ ,මහඉලුප්පල්ලම, බණ්ඩාරවෙළ හා මාකඳුර වැනි ගොවි පර්යේෂණායතන විසින් පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම ට්‍රාන්ස්කෙම් ස්ථානීය පස් පරීක්ෂණ කට්ටලය හඳුන්වා දීමට අපේ විද්වතුන් සමත්ව ඇත්තේ එම පර්යේෂණ නිසාය.
මෙම පර්යේෂණ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ස්ථානීය පාංශු පර්යේෂණ කට්ටලයේ නිර්මාතෘ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික උපදේශක ඩී. එන් . සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබීය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය විසින් පොහොර සහනාධාරය සඳහා වාර්ෂිකව රු. මි. 33000ක මුදලක් වෙන් කරන බවයි. සාමාන්‍යයෙන් වාර්ෂික පොහොර අවශ්‍යතාවය සෘජු පොහොර, දියර පොහොර හා සංයුක්ත පොහොර ප්‍රමාණය) මෙට්‍රික් ටොන් ලක්ෂ 10කට ආසන්නය. එමෙන්ම ගොවීන් ද කිසිදු නියාමනයකින් තොරව අධික ලෙස පොහොර පසට එක්කිරීම හේතුවෙන් පසෙහි ආම්ලිකතාවයේ වෙනස්කම් සිදුවී තිබේ. වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයට අප රට මෙන්ම මුළු ලෝකයම අවධානය යොමු කර ඇති මෙවන් අවස්ථාවක මෙම ට්‍රාන්ස්කෙම් කට්ටලය හඳුන්වා දීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සිය කෘතඥතාව පළ කළේය.
සෑම බෝගයක්ම සඳහා අවශ්‍ය පසෙහි PHඅගය 5.5-7.0 දක්වා වේ. එම මට්ටමෙහි PHඅගය නැත්නම් එම පස වගාවට නුසුදුසු වේ. එහිදී ඩොලමයිට් හෝ හුණු භාවිතා කර නැවතත් පසෙහි PH අගය ප්‍රශස්ත මට්ටමකට ගන ආ හැකිය