මෙම වසරේ ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වූයේ ප්‍රකාශනයේ නිදහසට, අන්‍යෝන්‍ය ගරුත්වයට සහ සාධනීය සංවාදයට ඉවහල් වන පරිදි තරුණයන් වෙනුවෙන් සුරක්ෂිත අවකාශ නිර්මාණය කිරීමේ වැදගත්කම යන්නයි.
මෙම අවස්ථාව නිමිති කරගෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හවුල්කාර සංවිධානයක් වන ක්‍රිසැලිස් සංවිධානය විසින් සමීක්ෂණයක් ද සිදු කරන ලදී. ක්‍රිසැලිස් යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා තරුණයන් බලසතු කිරීම සඳහා ක්‍රියා කරන සමාජ ව්‍යවසායක් වන අතර මෙම සමීක්ෂණයේ අරමුණ වූයේ සාමය ගොඩනැගීමට අදාළව මධ්‍යම පළාතේ තරුණ ප්‍රජාව මුහුණ දෙන ගැටලු හා ඔවුන්ට තිබෙන අවස්ථා හඳුනාගැනීමයි.
මෙම වැඩසටහන දින 03ක් පුරා පැවැත්විණි.
වැඩසටහන සම්පාදනය කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානය සහ ක්‍රිසැලිස් සංවිධානය සමග එක්ව, එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලේ සහයෝගයෙනි.