නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් වැසියන් වෙත නොමිලේ පොල් පැළ බෙදාදීමේ තවත් වැඩසටහනක්

    අගෝස්තු 15, 2018

    කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, ස්කදන්පුරම් ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම්ලාභි පවුල් සඳහා ආර්ථික වටිනාකමින් යුත් පොල් පැළ සහ තවත් පැළ තොගයක් පසුගිය දා බෙදාදෙන ලදි.

    65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ගේ මඟපෙන්වීම යටතේ ස්කන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද මහතා සහභාගි විය.

    තවද මෙම පාසලේ අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් 50 කට වැඩි පිරිසක් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාසල් උපකරණ සහ පොත්පත් ද ලබාදෙන ලදි.

    652 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලිකත්වයගෙන මෙම උත්සවයේ කටයුතු සංවිධානය කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya