ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
කළුවගහ ජනපදය, ගෝනපිනුවල මධ්‍යම, මහගංගොඩ, කිරිදිඇල සහ කරුවලබැද්ද මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි. මේ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 100 කි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට ''නිල සෙවණ'' කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.
මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.
මෙයට සමගාමීව සිරිසුමන ආදර්ශ ගම්මානය ප්‍රජා ශාලාවට මුල්ගල තැබීම ද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් එදින සිදු කිරීමට නියමිතය.