මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සති අන්තයේ ගම් ප්‍රදේශ බලා යන මගීන්ට ලංගමයෙන් අමතර බස් සේවා

    අගෝස්තු 10, 2018

    සති අන්තයේ ගම් ප්‍රදේශ බලා පිටත්ව යන් මහජනතාවට දුම්රිය වර්ජනය හේතුකොට මුහුණ පෑමට සිදු වී ඇති අපහසුතා මග හැරවීම පිණිස අද (10) පස්වරුවේ දුර ගමන් සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

    ලංගම බස් රථ දුරගමන් සේවා සඳහා යොදවා යුද හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් ලබා ගෙන තිබෙන බස් රථ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ධාවනයට යොදවන බව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සමග අද (10) පැවති සාකච්ඡාවකදී සභාපතිවරයා පැවසීය.

    අවශ්‍යතරම් බස්රථ යෙදවීම නිසා ඊයේ (9) පස්වරුව පමණ වන විට කොටුව දුම්රිය ස්ථානය අසළ හා පිටකොටුව බස්නැවතුම් පොළේ මගී තදබදයක් නොතිබූ  බවත් අද පෙරවරුවේ ද මගීන්ට හොඳ බස් සේවාවක් සැපයීමට ලංගමයට හැකි වූ බවද  රමාල් සිරිවර්ධන මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya