අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍ර‍වෘත්ති නිවේදනය - සාමය හා සංහිඳියාව ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීම සඳහා ඉලක්ක කර ගත් අහන්න වැඩසටහනට උණුසුම් මහජන ප්‍ර‍තිචාර

    අගෝස්තු 10, 2018

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” ජනතා වැඩසටහන ඊයේ (2018.08.09) වැනි දින පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ දී හා වැලිවේරිය පොලිස් ස්ථානය අභියසදී පැවැත් වූ අතර වූ අතර  දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ජනතා සහය නොඅඩුව ලැබී තිබේ.

     

    මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂා කළ නමුත් පසුගිය දශකයට ආසන්න කාලය තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිමා කළත් රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති විය. ඒ හේතුවෙන් ජාතීන් අතර ආගම් අතර විශ්වාසය බිඳවැටී යම් යම් අවාසනාවන්ත සිදුවීම් පසුගියදා වාර්තා වූ  අතර එවන් පසුබිමක් යළි නිර්මාණය නොවීම සඳහා රජය සියලු ජාතීන් ඒකරාශි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළක් ආරම්භ කරමින් “අහන්න” ජාතික සංහිඳියා වැඩසටහන ආරම්භ කරන ලදී.

    නව ගෝලීය ආර්ථික ප්‍රවණතා හඳුනාගනිමින් සංවර්ධනයේ ඉලක්කයන් කරා ළඟවීමට නම් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි මේ සියලු ජාතීන් හා ආගම් එක්ව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයකින් යුත්තව ඉදිරියට ගමන් කළ යුතු බැවින් පටු ආකල්ප හා වෙනත් අරමුණු තුළ සිට ගැටුම් ඇති කර ගැනීම වෙනුවට ග්‍රාමීය මට්ටමේ සිට සියලු ජාතීන්, සියලු ආගම් එකට සහෝදරත්වයෙන් ජීවත් වීම උදෙසාත්, ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසාත් ආකල්පමය වෙනසකට රට ගමන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.

    මෙකී ඉලක්ක හා අරමුණු කර ගනිමින් ඊයේ පැවැති  (2018.08.09) “අහන්න” ජාතික සංහිඳියා වැඩසටහනේ දෙවැනි පියවර යටතේ පානදුර නගරසභා ක්‍රීඩාංගනයේ‍දී පැවැත් වූ වැඩසටහනට සිවිල් සමාජ ක්‍රියාකාරකයෙකු වූ එකම දැයක් වෙනුවෙන් වෘත්තිකයින්ගේ සංගමයේ විධායක සභික චමින්ද ගුණසිංහ මහතා හා වැලිවේරිය වැඩසටහනට සම්පත් දායකයෙකු වශයෙන් ජාතික සංහිදියා යාන්ත්‍රණයේ බස්නාහිර පළාත් සමාජික චිමිලා තුෂාරී යන මහත්ම මහත්මීන් සහ නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජිකයින් සහභාගි වූහ.

    දිවයිනේ ප්‍රජා පොලිස් ඒකක හා යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් මෙන්ම ග්‍රාමීය ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී පැනනැගෙන ගැටලු සැලකිල්ලට ගෙන ඒවා විසඳීමට රජයක් වශයෙන් මැදිහත්වීම රජයේ අරමුණ වන අතර මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය ප්‍රජාවන්ගේ අවශ්‍යතාවන් ද හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙන මහජන වේදිකාවක් බවට “අහන්න” වැඩසටහන පත්කර ගන්නා ලෙස ද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    පානදුර පැවති අහන්න වැඩසටහනට පානදුර ප්‍රාදේශිය පොලිස් ප්‍ර‍ජා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ආශා සමන්මලී, පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා, වැලිවේරිය වැඩසටහන සඳහා වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක ප්‍ර‍දීප් අතපත්තු යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ප්‍ර‍ජා නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    නීතීඥ සුදර්ශන ගුණවර්ධන

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya