Print this page

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැටුප් වැඩි කළොත් ඊට සමාන්තරව අනෙකුත් දෙපාර්තමේන්තුවල වැටුප් විෂමතාවයක් ඇති වෙනවා

අගෝස්තු 10, 2018

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැටුප් වැඩි කළොත් ඊට සමාන්තරව අනෙකුත් දෙපාර්තමේන්තුවල වැටුප් විෂමතාවයක් වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් බවත් ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අද රටේ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. ඊයේ පස්වරුවේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, වැඩවර්ජනයට අවතීරණය වී තිබෙනවා. විශේෂයෙන්ම වෘත්තීය සමිති සිය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේදී සාමාන්‍ය සම්ප්‍ර‍දාය වනුයේ ක්‍රියාත්මක කරන ආයතනය හෝ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් ඇතිව සිදු කිරීම. නමුත් කිසිදු දැනුම්දීමකින් තොරව තමයි  (08) දින මෙම දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන්නේ.

 

මේ වෘත්තීය සමිති ඉදිරිපත් කළ ප්‍ර‍ශ්නයක් තමයි ඒ ගොල්ලන්ගේ වැටුප් විෂමතාවය. ඒ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර ඔවුන් සමඟ කතා කළා. ඔවුන්ගේ ඉල්ලීම මත කැබිනට් පත්‍රිකාවක් ඉදිපත් කළා. ඒ වගේම කැබිනට් අනු කමිටුවක් පත් කර තිබුණු සරත් අමුණුගම ඇමතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් දුම්රිය වැටුන් විෂමතාය පිළිබඳ සාකච්ඡා කළා. එම කැබිනට් අනුකමිටුව හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීන්දුව ලබා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වැටුප් වැඩි කළොත් ඊට සමාන්තරව අනෙකුත් දෙපාර්තමේන්තුවල වැටුප් විෂමතාවයක් ඇති වෙනවා. ඔවුන්ට අසාධාරණයක් ඇති වීමට ඉඩ තිබෙනවා කියලා.

කෙසේ වෙතත් එම කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් කිරීමට. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව වැටුප් වැඩිමක් සිදු වන විට අනෙකුත් දෙපාර්තමේන්තුවලට බලපෑමක් ඇති නොවීමට. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත සේවාවක් කිරීමෙන් පසු වැටුප් වැඩි කිරීම සිදු කරන්න කියලා කැබිනට් මණ්ඩලය එදා වැටුප් වැඩි කිරීම අනුමත කළා. ඉන්පසු මාස 4ක් 3ක් තුළ සංවෘත්ත සේවාවක් බවට පත් කරලා වැටුප් වැඩි කිරීමට තීරණය කර තිබියදීත් අනෙකුත් දෙපාර්තමේන්තු සහ සමාන්තර සේවා 35ක් පමණ තිබෙන අතර ඔවුන්ට මෙම වැටුප් වැඩි කිරිම සිදු කළ හැක්කේ නැහැ කළොත් වැඩවර්ජනයක් යොමු වන බව රජයට කියලා තිබුණා. මුදල් අමාත්‍යාංශයට දැනුම් දීල තිබුණා මේ මුදල් අමාත්‍යාංශ සංවෘත්ත සේවයක් කළත් වැඩවර්ජනයකට යන බව මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කරලා තිබුණා.

 

රාජ්‍ය සේවයින් දහතර ලක්ෂයක් ඉන්නවා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දුම්රිය තුළින් පන්ලක්ෂයකට ආසන්න ප්‍ර‍මාණයක් ගමන් කරනවා. දුම්රිය ගමන් වාර දිනකව 375ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඊයේ උදේ රජයේ සේවකයින් රාජකාරි සඳහා පැමිණි පසු නැවත ඔවුන්ට ගම්බිම් බලා යාම සඳහා අවකාශයක් සලසා දුන්නේ නැහැ මේ දුම්රිය වැඩවර්ජනය නිසා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව වසර 150ට වැඩි කාලයක සිට එනම් 1864 ආරම්භ වෙලා තිබෙනවා. මේ ලංකා දුම්රිය සේවයේ තමයි වැඩිම වෘත්තීය සමිති ප්‍ර‍මාණයක් තිබෙන්නේ. ඒ දුම්රිය වෘත්තිය සමිති ප්‍ර‍මාණය 125කට අධිකයි. සේවකයින් සාමාන්‍යයෙන් 18,000ක් පමණ සේවය කරනවා.

ඒ නිසා පසුගිය අගහරුවාදා මුදල් අමාත්‍යවරයා විසින් මුලින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කරලා දහතර ලක්ෂයක්වන රජයේ සෙවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ වැටුප් සමාලෝචනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අනුව කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා මාස දෙකක් තුළ ඒ යෝජනා ඉදිරිපත් කරලා රජයෙ සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිම සඳහා වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කර තිරණයක් ගැනීමට ඒ යෝජනාව සාකච්ඡා වුණා. ඒ යෝජනාව හේතුවෙන් පසුගිය මාස කිහිපයක් පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තාවකාලිකව නතර වුණා. ඒ නිසා තමයි මෙම දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට ඒමට තීරණය කළේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව.


ඔවුන් සාකච්ඡාවක් ඉල්ලා සිටියා. අපි සාකච්ඡාවක් දෙන්න කැමැති වුණා. පරණ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කළ යුතු බව තමයි ඔවුන්ගේ ඉල්ලිම තිබුණේ. මුදල් අමාත්‍යාංශය ප්‍ර‍කාශ කළේ නැවත සාකච්ඡා කිරීමට මාස 2ක් දෙන්න සියලු දෙනාගේ වැටුප් වැඩිකරනවා කියලා. ඔවුන් කැමැති වුණේ නැහැ. රජයක් ලෙස ඔවුන් සමඟ සාකච්ඡා කර කටයුතු කළත් ඔවුන් එකඟ වුණේ නැහැ. ඇහුන්කරන් දුන්නේ නැහැ. කෙසේ වෙතත් අකමැත්තෙන් වුවත් අපිට මේ වැඩවර්ජනයට මුහුණ දීමට සිදු වුණා රටේ ජනතාවගේ දුම්රිය ගමනාගමන අපහසුතාව වැළැක්වීම සඳහා.

රජයේ ලෙස කණගාටුව ප්‍ර‍කාශ කරන අතර විශේෂයෙන්ම උසස් පෙළ විභාගය ආරම්භ කර තිබියදී මෙවැනි වැඩවර්ජනයක් සිදු කිරීම ඉතා අසාධාරණයි. මේ රටේ දුම්රියෙන් ලක්ෂ 5කුත්, ලංගම බස්වලින් ලක්ෂයක් 25 ගමන් කරනවා. පෞද්ගලික ප්‍ර‍වාහන සේවයෙන් ලක්ෂ 75ක් ගමන් කරනවා. රටේ ජනතාවගෙන් දෙකෝටි විසිලක්ෂයකට ආසන්න ජනතාවගෙන් එක් කෝටි පන්ලක්ෂයක් පොදු ප්‍ර‍වාහන සේවය භාවිතා කරනවා. මෙම පොදු ප්‍ර‍වාහන සේවය භාවිත කරන කොළඹට පැමිණෙන ලක්ෂ 5ක ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ලංගම බස් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර බස්රථ යොදවලා තිබෙනවා. ලංගම බස්රථ 6,000ක්, පෞද්ගලික බස්රථ 21,000ක් තිබෙනවා. පෞද්ගලික බස් රථවලින් 15,000ක් පමණ තමයි දිනකට ධාවනයේ යෙදෙන්නේ. අනෙක් බස් රථවලට නිවාඩුවක් ලැබෙනවා දවසකට. අපි ඔවුන්ට දැනුම් දුන්නා කිසිම බස්රථයක් නිවාඩුවක් ගන්න අවශ්‍ය නැහැ බලපත්‍ර‍යක් රහිතව ලංකාවේ ඕනෑම මාර්ගයක පෞද්ගලික බස්රථයකට, ලංගම බස්රථයකට ගමන් කරන්න පුළුවන්. අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවේදනයක් අනුව එය සිදු කර තිබෙනවා. ගමනාගමන මණ්ඩලයටත් පෞද්ගලික බස් සංගම්වලටත් මේ බව දැනුම්වත් කර තිබෙනවා. ඒ වගේම දුම්රිය බලපත්‍ර‍ හිමියන්ටත් ලංගම බස්රථවල නොමිලේ ගමන කරන්න පුළුවන්. ඒක අපි පෞද්ගලික බස්රථවලට එම ගමන් පහසුව සැලැස්වීමට කටයුතු කරනවා. මුදල් භාණ්ඩාගාරය ලබාදීමට කටයුතු කරනවා. පොදු දුම්රිය ලක්ෂ 5ට පහසුකම් සැලැස්වීමට කටයුතු කරනවා. මෙවැනි අසාධාරණ වැඩවර්ජන වැළැක්විමට මෙවැනි තීරණ ගත යුතුයි කියලා හිතනවා.

විශේෂයෙන් ගුවන්තොටුපොළට ඉන්ධන ගෙනයාමේ වැඩකටයුතු තිබෙනවා. මෙම සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා ගැසට් නිවේදනය සකස් කරන ලෙස ලේකම්වරුන්ට උපදෙස් දුන්නා මෙය ගැසට් නිවේදයක් ලෙස සකස් කිරීමට. එය අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කර අතිගරු ජනාධිපතිතුමා අත්සන් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙනවා. දුම්රිය සේවකයින්ගේ වේතනය පිළිබඳ මූලික ඉදිරිපත් කිරීමක් සිදු කරනවා. දැනට ඔවුන්ගේ මූලික වැටුප MN කාණ්ඩයේ රු.44600ක් වෙනවා. මීට අතිකාල දීමනා එක්ලක්ෂ පනස්දහට වඩා අතිකාල ලබා ගන්නවා. සාමාන්‍ය දුම්රිය රියදුරෙක් පැය 2ක් හෝ 3ක් වැඩ කළ පසු පැය 8යි විනාඩි 59ක අතිරේක කාලයක් ඔවුන්ට නිවාඩුවක් ලැබෙනවා. ඒ පැය 3 වැඩ කළ පසු අතිකාල ලැබෙන්නේ ඉන් භාගයයි.

එනම් පැය 4යි විනාඩි 30ක් ලැබෙනවා අතිකාල ගෙවන්න. එම පැය 8යි විනාඩි 59න් පසු රාජකාරී කිරීමෙන් පසු ලැබෙන විවේක පැය 8යි විනාඩි 9යි නම් එම සම්පූර්ණ නිවාඩුවටම අතිකාල ලැබෙනවා. සමහර විට සමහර රියදුරන් ඉරිදා කෝච්චියට නැංගාම පැය 3, 4 උදාහරණයක් ලෙස පොල්ගහවෙළට දුම්රියක් ගියහොත් ඒ දුම්රියේ රියදුරා එම දුම්රියෙන් බහිනවා. ඊළඟට එතැන ඉදලා මහවට යනවා. එතැනින් බහිනවා. එතැනින් අනුරාධපුරය යනවා. එතැනින් යාපනයට යනවා. යාපනයට යද්දී දුම්රිය රියදුරන් තුන් හතර දෙනෙක් යනවා. ඉරිදට කෝච්චියට නැංගොත් සිකුරාදා දක්වා අර පැය කිහිපය වැඩ කරලා අනෙක් පැය ටික අතිකාල ගන්න වැඩ කරනවා. සමහරවිට ඒ ගොල්ලන්ට අතිකාල පැය 400ක් 500ක් 600ක්, 700ක් ලැබෙනවා. ඒ අතිකාල ගණනන් කරන්නේ තමන්ගේ මූලික වැටුප 160න් බෙදලා පැයට එන ගාන හදනවා. ඒ අනුව මුල් පැය කිහිපයක් හැරෙන්න රියදුරෙක් සඳහා අනෙකුත් විවේක කාල සඳහා අතිකාල ගෙවනවා.

අවම වැටුප =රු. 44600 එක් පැයකට සඳහා මුදල=රු. 44600/160 =278.75 එක් මසක දුම්රිය රියදුරෙක්ගේ පැය 600ක් සඳහා අතිකාල දීමනාව =167,250ක්

මීට අමතරව පාරිතෝෂිත ලැබෙනවා. දිනකට පැය 12ක් වැඩ කළ පසු රු. 500 බටා ලැබෙනවා. මේ සියල්ල එකතු වුණාම සාමාන්‍ය දුම්රිය රියදුරෙකුට ලක්ෂ දෙකක් දෙක හමාරක් මාසික වැටුපක් ලැබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ වැටුප් වැඩි කිරීමට ඉල්ලීම සාධාරණද, මේ වැඩවර්ජන සාධාරණද? ජනතාව මේ ගැන සිතිය යුතුයි. ජනතාව ඊයේ එය තීන්දු කර තිබෙනවා දැක්කා. මේක දුම්රිය නියාමකවරුන්ටත් ඒ වගේ.

මේ තත්ත්වය පිළිබඳ ඔවුන් සමඟ වැඩකරන ගමන් සාකච්ඡා කිරීමට කතා කර තිබෙනවා. කිහිපදෙනෙක් ඉන්නවා මේවා කඩාකප්පල් කරන. රජයක් ලෙස මෙවැනි අවස්ථාවක ගත හැකි උපරීම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 770ක් වසරකට පාඩු ලබනවා. උපදෙපාර්තමේන්තු 39ක් තිබෙනවා. ඒවා වර්ජනය කරලා නැහැ. දිගින් දිගමට මෙවැනි දුම්රිය වර්ජන ක්‍රියාමාර්ග ගත හොත් රජයට ද විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.