Print this page

දුම්රිය කීපයක් කොළඹට- සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට අවධානය

අගෝස්තු 10, 2018

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දුම් රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසී ය.

මේ වනවිට දුම්රිය ධාවනය වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා මේ බව පැවසී ය.

'''
අද සවස් වන විට දුම්රිය ධාවනය කිරීමේ සේවය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ධාවනය වෙනවා. මේ වනවිට එක් දුම්රියක් කොළඹ කොටුවට පමිණ තිබෙනවා.මහනුවර සිට දුම්රියක් පැමිණෙනවා.මහව සිට දුම්රියක් කොළඹ කොටුවට පැමිණෙනවා.රඹුක්කන සිට දුම්රියක් පැමිණෙනවා. මාතර, ගාල්ල ,අනුරාධපුරය සහ අවිස්සාවෙල්ල සිට දුම්රිය මේ වනවිට පැමිණෙනවා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙනවා ''යැයි ද විජය සමරසිංහ මහතා පවසයි.