ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 612 කි.
මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර තිබීමය. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකර ඇති අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.
මෙයට සමගාමීව රුපියල් ලක්ෂ 111 ක වියදමකින් යුතුව ඉදිකළ කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල නව ගොඩනැගිල්ල, ගනේපල්ල සහ අම්පාගල නිල සෙවණ කාර්යාල ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර
අබේවර්ධන මහතාගේ සුරතින් එදින සිදු කිරීමට නියමිතය.
මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි. ගමක සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව්දෙනාට එකම ස්ථානයක සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා මෙම ''නිල සෙවණ&ඣුඔට්; කාර්යාල ඉදිකරනු ලබයි.