නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලජිවි වගාව සදහා පස් අවුරුදු සැලැස්මක්

    ජූලි 29, 2018

    ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජිවි වගාව බවට පත්කිරීම සදහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරයි.

     

    ඒ සදහා වන වැඩපිළිවෙල කඩිනමින් සකස්කර ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදුන්නේය .


    ලංකාවේ ජාතික නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්ත දෙක අතරට මත්ස්‍ය වගාව සහ මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය පත්කිරීම සදහා වන වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ . එම කඩිනම් නව රැකියා සහ ආර්ථික උත්පාදන වැඩපිළිවෙලට සමගාමිව මෙම ජලජිවි පස් අවුරුදු සැලැස්ම සකස් කෙරේ .


    මුහුදේ මත්ස්‍ය සම්පත සීග්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීමත් මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලාගැනීම සදහා දැරීමට සිදුවන අධික වැය නිසා මත්ස්‍ය වගාව සදහා වඩා වාසිදායක මෙන්ම ඵලදායි බව පර්යේෂණ වලින් තහවුරු වී තිබේ . මේ නිසා ලෝකයේ බොහෝ රටවල් ගොඩබිම මත්ස්‍ය වගාව මගින් වැඩි විදේශ විනිමයක් උපයති . ඒ අනුව ලංකාවේ ජලජිවි වගාව ව්‍යාප්ත කර මත්ස්‍ය වගාව මගින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් රටට හිමිකර දීම සදහා මෙම පස් අවුරුදු ජලජිවි වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya