මෙම වැඩපිළිවෙළ යටතේ මත්ස්‍ය වගාවට සුදුසු සෑම ජලාශයකම මිරිදිය ධිවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් සිටි .
ඒ අනුව ලංකාවේ වසර පුරාම ජලය පිරි පවතින ජලාශ මෙන්ම වැසි කාල වලදී ජලය පිරෙන වැවී ආශ්‍රිතව ද මිරිදිය ධිවර කර්මාන්තය ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර ඇත .
එම ජලාශවල තැන්පත් කිරීමට අවශ්‍ය මත්ස්‍ය පැටවුන් අභිජනන ක්‍රියාවලිය වැඩි ධාරිතාවයකින් ඉහල නැංවීම සදහා වන වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ .
රට අභ්‍යන්තරයේ පවතින ජලාශ ආශ්‍රිතව ධිවර සමිති පිහිටුවා එම සමිති මනා කළමනාකරණයකට ලක් කර මෙම මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කිරීම සැලසුම් කර ඇති අතර දැනට සිදුකර ඇති අධ්‍යනයන් අනුව යෝජිත මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කරලීමේ වැඩපිළිවෙළ යටතේ අවම වශයෙන් එක් ධීවරයෙකුට මසකට රුපියල් 30,000 ත් රුපියල් ලක්‍ෂයත් අතර ආදායමක් උපයාගත හැකිය .
ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන රජයේ “ ගම්පෙරලිය ” වැඩසටනට සමගාමිව මෙම මිරිදිය ධිවර කර්මාන්තය ව්‍යාප්ත කර ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සැලසුම් කර ඇත්තේ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන් ආරච්චි මහතා ඇතුළු එම අධිකාරියේ මෙහෙය විමෙනි .
හෙක්ටයාර් 800 ට වැඩි ප්‍රධාන ජලාශ 48ක් , හෙක්ටයාර් 2 - 5 ත් අතර විශාලත්වයෙන් යුත් මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 256 ක් හා හෙක්ටයාර් 2 ට අඩු කුඩා ජලාශ 2000 ක් ඇති නමුත් ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය පවසන්නේ එම කුඩා ජලාශ 2000 න් මිරිදිය ධිවර කර්මාන්තය සිදුවනුයේ ජලාශ 400 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකය.
මේ අනුව ධිවර කර්මාන්තයට සුදුසු බවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් හදුනාගෙන ඇති ජලාශ සියල්ල ම මිරිදිය ධිවර කර්මාන්තය සඳහා යෙදවීම නව වැඩපිළිවෙළේ අරමුණු අතර වේ.
මෙමඟින් රට අභ්‍යන්තරයේ ජනතාවගේ මත්ස්‍ය අවශ්‍යතාවට ප්‍රමාණවත් නිෂ්පාදනයක් ලබාදීමත් එමගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමත් අදහස රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය .