Society of Critical Care and Emergency Medicine Annual Scientific Session 2018සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී පසුගියදා ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය - “දැඩි සත්කාර පිළිබද වෛද්‍ය විද්‍යාව යනු ජිවිත තර්ජනයක් ඇති කරන අනතුරු සහ එවැනි රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කරන වේගවත්ව වර්ධනය වන විශේෂඥතාවය වනවා. වසර ගණනාවක් මුළුල්ලේ දැඩි සත්කාර පිළිබද වෛද්‍ය විද්‍යාවේ වැදගත්කම ඉතා වේගවත්ව වර්ධනය වුනා. එම වචනය වෛද්‍ය විද්‍යාව තුල සුළභව භාවිතා කරන වචනයක්. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට සත්කාර කිරීමේ දී ප්‍රමාණාත්මක ලෙස සහ සුදුසු පරිදි පුහුණු කරන ලද කායික වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල දැඩි සත්කාර ඒකක වල සේවයේ නිරත වෙනවා.
ගුණාත්මක සත්කාර සේවාවක් සදහා ඔවුන්ගේ කැපවීම ඉතාම වැදගත්. ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවාව ද විධිමත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව වාර්ෂික ආදායමෙන් සියයට 3.2 ක මුදලක් සෞඛ්‍ය සේවාවන් සදහා වැය කරනවා. 2017 වසරේ දී අයවැයෙන් රුපියල් බිලියන 235 ක මුදලක් වැය කළා.
සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට මෙය විශාල බරක් වුවද සෞඛ්‍ය සේවාවන් වල දී සංවර්ධිත රටවල ප්‍රමිතීන් හා සම මට්ටමක පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක්කර තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය ආවරණය පුරවැසියන්ට ලබාදුන් රටක් ලෙස ශ්‍රී ලංකාව සජීවී සාක්ෂියක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
ජාත්‍යන්තර සහයෝගීතාවය ලබාගනිමින් දැඩි සත්කාර සේවාව තවත් විධිමත් කිරිම අපගේ අරමුණයි. සෞඛ්‍ය සත්කාර සේවාවන් හි ප්‍රමිතිය ඉහළ නැංවීම තුලින් රෝගීන්ට ලැබෙන ප්‍රතිලාභ වැඩිවන අතර, රෝගී සත්කාරක සේවාව සදහා පර්යේෂණ පුහුණු සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල පහසුකම් ද වර්ධනය කළ යුතුයි යැයි ද කීය.