නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන්තොටුපළේ ප්‍රමාදය වැළැක්වීමට ගුවන් මගීන්ට "ඊ කාඩ්පතක්"

    ජූලි 25, 2018

    ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආගමන හා විගමන කවුළු අසළදී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා ඔවුන්ට ''ඊ කාඩ්පත්'' නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීම පිණිස ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යංශය,සංචාරක අමාත්‍යංශය හා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් යුත් කමිටුවක් පත් කෙරේ.

    සති 2ක් ඇතුළත ඔවුන්ගේ නිර්දේශ අතුළත් වාර්තාව ලබාගෙන එය යෝජනාවක් වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ, කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ අද(25) පැවති උත්සවයක දී ය.

    දැනට ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් මෙම ''ඊ කාඩ්පත් ක්‍රමය'' ක්‍රියාත්මක කොට තිබේ. යෝජිත ''ඊ කාඩ්පතට'' මගියාගේ ඡායාරූපය හා ඇඟිලි සළකුණද ඇතුළත් කෙරේ.

    ගුවන් මගීන්ට ඊ කාඩ්පත ගුවන්තොටුපොළේ යන්ත්‍රයකට ඇතුළත් කොට ස්වයං පරික්ෂාවකට ලක් කරගත හැක.ඉන් ආගමන හා විගමන නිලධාරින්ගේ සහායක් නොමැතිව මගීන්ට ගුවන් තොටුපොළට අතුළුවීමට හා පිටවීමට අවස්ථාව ලැබෙන බවද නිමල් සිරිපාලද සිල්වා මහතා තවදුරටත් කිය.

    මීට පෙර ඊ පාස්පෝට් හෙවත් විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරිමට කටයුතු යොදා තිබූ නමුත් එය ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට ක්ෂණික පියවරක් ලෙස මෙම ඊ කාඩ් පත නිකුත් කිරීමට අදහස් කළ බවද ඇමතිවරයා පැවසීය.

    සංචාරකයින්ගේ පැමිණීම වැඩවීම නිසා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇති වී ඇති තදබදය මගහැරවීම සඳහා එහි අලුතින් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එම අධිකාරියේ මුදල් යොදවා ඉදි කරන අතර එය මාස 10කින් වැඩ නිම කොට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කීය.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ආනන්ද විමලසේන,අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. සී. නිමල්සිරි, ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රි ලංකා) සමාගමේ සභාපති ඉංජිනේරු සමන් එදිරිවීර යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya