නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු අදියර යටතේ උපාධිධාරීන් 4,000ට පත්වීම්

    ජූලි 25, 2018

    උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ 4,000ක් සඳහා එම පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    පළමු අදියර යටතේ අභ්‍යන්තර උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබාදීම සිදු කෙරෙන අතර දෙවන අදියර යටතේ 15,000ක් සඳහා මෙම පත්වීම් ලබාදීමේ සිදු කෙරෙන බව අද (25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    එසේ බඳවා ගන්නා පිරිස සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට ද කටයුතු කෙරෙන බවත් බාහිර උපාධිධාරීන්ටද එම පත්වීම් ලබාදෙන බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya