නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ මාසය අවසන් වීමට පෙර විශේෂ අධිකරණය ආරම්භ කිරීමට පියවර

    ජූලි 25, 2018

    මේ මාසය අවසන් වීමට පෙර පළමු විශේෂ අධිකරණය ක්‍රියාත්මක කරන බවත් අධිකරණයක් ආරම්භ කිරීම සරල කාර්යයක් නොවන බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඉතිරි විශේෂ අධිකරණ දෙක සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂ අධිකරණය ආරම්භ කිරීමේ ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් තාවකාලික ස්ථානයක මෙම පළමු අධිකරණය ආරම්භ කිරීමට කටයුතු කෙරෙන බව ද පෙන්වා දුන්නේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya