රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වරදකරුවන් බන්ධනාගාරගත කිරීමෙන් පුනරුත්ථාපනය වීමට අවස්ථාව ලබා දෙන විට ඔවුන් නැවතත් පුරුදු ජාවාරම්වල නියැලීම මැඩපැවැත්වීම මෙවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සිරකරුවන්ගේ ජාවාරම්වලට සහාය ලබාදීමට කටයුතු කරනු ලබන බන්ධනාගාර නිලධාරීන්ට ද දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.