Print this page

2019 අයවැය පිළියෙල කිරීම සඳහා සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුවක්- කාර්යසාධනය පදනම් වූ ක්‍රමවේදයක්

ජූලි 11, 2018

කාර්යසාධනය මත පදනම් වූ අයවැයකරණ (PBB) ක්‍රමවේදය අනුගමනය කරමින් 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය සකස් කිරීමට සැලසුම් කොට ඇත.

මෙහිදී 2021 වර්ෂය වනවිට ළඟා කරගැනීමට නියමිත රජයේ සමස්ත රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ වැඩසටහන යටතේ  සපුරා ගැනීමට අපේක්ෂිත ධළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 දක්වා රාජ්‍ය ආදයම වැඩිකර ගැනීම, දළ දේශීය  නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමකින් රජයේ පුනරාවර්ථන වියදම පවත්වා ගෙන යාම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5ක මට්ටමක රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යාම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට
3.5කට අයවැය හිඟය සීමා කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70කටවඩා අඩු මට්ටමකින් රජයේ ණය  පවත්වාගෙන යාම යන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකි වන පරිදි ජාතික අයවැය සකස් කිරීමට අපේක්ෂා
කරනු ලැබේ.

ඒ අනුව රජයේ මධ්‍යකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හඳුනාගෙන ඇති ඉලක්කයන් සපුරා ගැනීම සඳහා  රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ  වෙත වෙන් කරදීම මඟින් 2019 වර්ෂය සඳහා ජාතික අයවැය පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබී ඇත.