Print this page

යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්

ජූලි 11, 2018

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

22 වැනි හමුදාපතිවරයා ලෙස මහේෂ් සේනානායක මහතා පත් වූයේ 2017 ජූනි මස 27 දිනය.

සෑම අතින්ම අති ශූර කැඩෙට් නිළධාරියාට හිමි ශුරතාව දිනා ගනිමින් දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු ඉන් පසුව යුද හමුදා විශේෂ බළකායට එක්විය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියළු යුධහමුදා මෙහෙයුම් වල විවිධ නායකත්ව ස්ථාවරයන් යටතේ මහේෂ් සේනානායක මහතා සක්‍රියව සහභාගි වී තිබේ.