Print this page

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

ජූලි 11, 2018

මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (10) රාත්‍රීයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි හේමන්ත වර්ණකුලසූරිය මහතා මිය ගොස් තිබෙන බවත් මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු වී තිබේ.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්නකුලසූරිය මහතා, සුවිශේෂී නඩු රැසකට සිය දායකත්වය ලබාදී ඇති අතර ජනමාධ්‍ය තුළින්  නීතිය, යුක්තිය, ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳව  ජනතාව දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ නීති ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීන විද්වතෙකි.