Print this page

දකුණේ පැතිය ගිය උණ පාලනය වෙයි

ජූනි 13, 2018

දකුණේ පැතිය ගිය උණ තත්ත්වය 95%කින් පාලනය වී ඇති බවත් අනෙකුත් ප්‍රදේශවලට පැතිර යාමේ අවධානමක් නැති බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

වැසි සමඟ මෙවැනි උණ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර වසරෙන් වසර ඉන්ෆ්ලුවන්සා උණ රෝග වෛරසය වෙනස් ස්වරූපයක් ගනු ලැබීම හේතුවෙන් ඒ සඳහා එන්නත් ලබාදිය නොහැකි තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍යවේදීයෙකු අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම අවස්ථාවට සමකැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා එක්ව සිටියහ.