Print this page

ජපානයේ හිටපු අගමැති ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක

ජූනි 13, 2018

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියේ හතොයාමා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී  පසුගිය (11) සවස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.


මේ අවස්ථාව සඳහා හරිත සමාජ ව්‍යවසාය සංවර්ධන ආයතනයේ ජාත්‍යන්තර සභාපති සුදුහුම්පොල හිමි ඇතුළු මහා සංඝයාවනහන්සේලා පිරිසක් ද සහභාගී වී සිටියහ. හිටපු අගමැතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙත්පි රිත් සජ්ජායනා කර එතුමන්ට ආශිර්වාද කිරීම මහා සංඝරත්නය සිදු කළහ.


හිටපු අග්‍රාමාත්‍ය හතොයාමා මැතිතුමා මෙරට රැඳී සිටින අතර 13  වැනි අද දින කුරුණෑගල කොළඹගම විහාරස්ථානයේ උත්සවයකට සහභාගී වීමට නියමිතය. 14 වැනි දින ඒ් මහතා පොල්ගස්ඕවිට ''දහම් සෙව'' ජාත්‍යන්තර
බෞද්ධ මධ්‍යස්ථානයේ අභිවන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමට ද නියමිතතය.