Print this page

දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ජූනි 13, 2018
අමත්‍ය මණ්ඩලය විසින් කලින් ලබා දී ඇති අනුමැතිය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිට එන්ජින් 12ක් මලදී ගැනීම සඳහා අවශ්‍ය අමරිකානු ඩොලර් මිලියන 48.67ක මුදල කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්තික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට විසින් අනුමත කොට ඇත.
 
මෙම දුම්රිය එන්ජින් මිලදී ගැනීමට යන්නේ උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් සේවා වැඩි දියුණු කිරීම සඳහා බව අගමැතිවරයා විසින් අමැති මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති යෝජනාවේ දැක් වේ.