Print this page

කොළඔට අඛණ්ඩව ජලය සැපයෙන නව ජල ව්‍යාපෘතිය 2020 දී අවසන්

ජූනි 12, 2018

කොළඔ නගරයේ ජල සැපයුම වැඩි දියුණු කොට නගරයේ සැම ප්‍රදේශයකට ම පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදිම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් රුපියල් කෝටි 4000 ක වියදමින් ආරම්භ කොට ඇති, කොළඹ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපාතිය 2020 දි අවසන් කිරිමට සැලසුම් කොට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ වසර සියයකට අධික කාලයක් පැරණි ජල නල පද්ධතිය ඉවත් කොට කිලෝමිටර් 600ක දුර ප්‍රමාණයක අලුත් ජලනල එළීම මේ දිනවල සිදු කරගෙන යයි.

එහිදි තාවකාලිකව මාර්ගය වසා දැමීම,වාහන වෙනත් දිසාවන්ට හරවා යැවිම,වාහන නැවැත්වීමේ පහසුකම්,සිමාවිම,දුවිලි හා ශබ්ද ආදිය මින් මහජනතාවට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කොට ඔවුන්ගේ සහයෝගය මෙම ව්‍යාපාතියට ලබා දෙන ලෙස තමා කොළඔ මහනගර සභාවේ මන්ත්‍රිවරුගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා පැවැසුවේ, කොළඔ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් සඳහා ඊයේ (11) රමාඩා හෝටලයේ පැවැති වැඩමුළුවකදිය.

කොළඔ නගරයේ වර්තමානයේ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,00,000ක් පමණ වන අතර විවිධ කටයුතු සඳහා තවත් 400,000ක පමණ පිරිසක් දිනපතා නගරයට පැමිණෙති. මොවුන් සඳහා ආසන්න වශයෙන් දිනකට ඝන මිටර් 300,000ක් පමණ පිරිසිදු කරන ලද ජල ප්‍රමාණයක් සපයනු ලැබේ. එහෙත් වසර 100ක් පමණ පැරණි ජල නළ හේතුවෙන ජලයෙන් 33%ක ප්‍රමාණයක් කාන්දුවී අපතේ යන බවද සභාපතිවරයා මෙහිදී පැවසිය.

කොළඹ නගරයේ විශාල වශයෙන් මහල් නිවාස ඉදිවෙනවා. දැන් තිබෙන නල පද්ධතිය ඒවාට ජලය සැපයිමට තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දැන් වැඩ ආරම්භ කොට ඇති කොළඔ ජල සැපයුම් වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කොට ජල සැපයුම වඩාත් කාර්යක්ෂම කළ යුතු යැයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.ඒ රෂිඩ් මහතා මෙහිදි සඳහන් කළේ ය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු කොළඔ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කළේ, නගරවාසින්ට පැය 24 පුරම අඛණ්ඩ ජල සැපයුම ලබා දිම අලුතින් පත් වු කොළඔ තගර සභාවේ මන්ත්‍රිවරුන්ගේත් තමාගේත් පොරොන්දුවක් බව පැවසුවාය. එබැවින් මෙම ජල ව්‍යාපාති කටයුතුවලට සහයෝග දී ජනතාව දැනුම්වත් කරන ලෙස තමා සියලුම නාගරික මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද නගරාධිපතිනිය කිවාය.

පානීය ජලය හා සනිපාරක්ෂක පහුසුකම් මානව අයිතියක්. නිසි පරිදි මහජනයාව ජලය නොලැබෙන්නේ නම් එය ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක්. සමහර  ප්‍රදේශවලට ජලය ලැබෙන්නේ දිනකට පැය කිහිපයක් පමණයි. ජල නලවල අඩු පීඩනය නිසා තවත් ප්‍රදේශවලට ජලය ප්‍රමාණවත් අන්දමින් ලැබෙන්නේ නැහැ. එම නිසා මෙම ජල ව්‍යාපෘතියට සම්පුර්ණ සහයෝග ලබා දිම අප කාගේත් වගකිමක් යයි ද නගරාධිපතිනිය පැවැසුවාය.

කොළඔ මහනගර සභාවේ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකාවේ නියෝජිතයින් ද මෙම වැඩමුළුවට සහභාගි වුහ.