Print this page

රාජ්‍ය මාධ්‍ය ආයතන නව ප්‍රධානීන්ට ඇමති මංගල සමරවීර අතින් පත්වීම් ප්‍රදානය කෙරේ

මැයි 16, 2018

රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන  ප්‍රධානීන් සඳහා නව පත්වීම් ප්‍රදානය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින (16) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වශයෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී මහත්මියද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති වශයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන/ සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මියද, සැලසිනේ ආයතනයේ සභාපති වශයෙන් උමා රාජමන්ත්‍රී මහත්මියද, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් හිටපු සභාපති සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතාද පත්වීම් ලබා ගන්නා ලදී. 

මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මැතිතුමා  සහ මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාද සහභාගී විය.

 

SLBC

 

Selasine

 

 

SLRC