Print this page

බස්රථ ගාස්තුව වැඩි වූයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව- ඇමැති රාජිත සේනාරත්න

මැයි 16, 2018

බස්රථ ගාස්තු වැඩි කිරීම සිදු වූයේ ජාතික ප්‍රතිපත්තිමය තීණයක් අනුව බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව ඉන්ධන මිල වැඩි වන විට බස්රථ ගාස්තුව ද ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම තීරණයන්වලට අමතරව මිල වැඩිකිරීමට සිදු කළ නොහැකි බව ද පෙන්වා දුන්නේය.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් අද (16) සඳහන් කළේය.

 

එක් බස් සංගමයක් මෙම වැඩි වූ බස්රථ ගාස්තු අනුව කටයුතු කිරීමට එකඟ වී සිටින අතර අනෙකු බස් සංගසම් සමඟ සිදු කරනු ලබන සාකච්ඡාවලදී මෙම ප්‍රතිපත්තිමය තිරණය ගැන පැහැදිලි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකා ලංගම බස්රථ  1500ක් පමණ අමතරව ධාවනයට ගෙන්වා තිබෙන අතර දුම්රිය ද ඉතා හොඳින් ධාවනය වීම හේතුවෙන් බස්රථ වර්ජනයක් පැවතියද එයට ද සූදානමින් සිටින බව බස්රථ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.