Print this page

ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට

මැයි 16, 2018

වැලි මිල පාලනය කිරීම සඳහා හලන ලද ප්‍රමිතියෙන් යුතු වැලි උර වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහනකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ,
ජනාධිපතිවරයාගේ උපදෙස් මත කරන ලද විධිමත් සොයා බැලීමකින් අනතුරුව වැලි මිල පාලනය කිරීමේ අරමුණෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි. ජාවාරම්කාර වැලි ව්‍යාපාරිකයින්ගෙන් ජනතාව මුදා ගැනීමට තම කාර්යාංශය ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගන්නා බවයි.

විශේෂයෙන් කුඩා ඉදිකිරීම් කටයුතු වලදී නාගරික ජනතාව වැලි සපයා ගැනීමේදී විශාල අර්බුදයකට මුහුණ දෙන බවත් මේ පිළිබඳව අවධානය යොමු කරමින් කිලෝ 50, 25 සහ 10 යන ප්‍රමාණ වලින් වැලි උර වෙළඳපළට නිකුත් කරන බවත් සමාජ සත්කාරයක්ලෙස ක්‍රියාවට නැඟෙන මෙම ව්‍යාපෘතිය තුළින් ආර්ථික ලාභයක් අපේක්ෂා නොකරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.