Print this page

ඇහැලේපොල කුමාරිහාමිගේ දෙසියපස්වන ගුණසමරු උළෙල අදයි

මැයි 16, 2018

සිංහලේ වීර කාන්තාවක් වු ඇහැලේපොල කුමාරිහාමිගේ දෙසිය පස්වන ගුණ සමරු උළෙල අද සහ හෙට ( 16, 17 වන දෙදින තුළ) අති උත්කර්ෂවත්ව පැවැත්වෙන බව ඇහැලේපොල මාතලේ වීරුවන් සැමරීමේ සංවිධානයේ අනුශාසක පුජ්‍ය පාලාවත්තේ සෝනුත්තර හිමිපාණන් වහන්සේ පැවසූහ. 

ඒ අනුව මැයි මස 16දා අද පස්වරු 4.00ට ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේදී විශේෂ බෝධි පුජා පුණ්‍යකර්ම පැවැත්වේ. 

මැයි 17දා හෙට පස්වරු 2.00ට ඇහැලේපොල වීර මද්දුම බණ්ඩාර ළමා විරුවාගේ පිළිරුවට පුෂ්පොපහාර දක්වා එතැන් සිට අලංකාර පෙරහරකින් ඇහැලේපොල විහාරස්ථානය අභියසට පැමිණ උපහාර පෙරහර විහාරස්ථානය අසල පිහිටි පුරාණ වැව අසල ඉදිකර ඇති ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.

එයට සමගාමිව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කළ ඇහැලේපොල පවුලේ විස්තර ඵලකය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් නිරාවරණය කරනු ලැබේ.

ඉන් අනතුරුව ප.ව. 3.00ට පැවැත්වෙන උපහාර උත්සවයේදී ඇහැලේපාල කුමාරිහාමි පිළිබඳ ව විශේෂ දේශනය ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් සිවිල් සංවිධාන නියෝජිතයින් කාන්තා සමිති සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.