Print this page

තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින්න-පොලීසිය

අප්‍රේල් 15, 2018

තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය දිනවල දියේ ගිලී මිය ගිය සිදුවීම් කීපයක් පසුගිය දිනවල වර්තා විය. 2016 වසරේ දී පුද්ගලයින් 877ක් මිය ගොස් ඇත. 2017 වසරේ දී දියේ ගිලී මිය යෑම් 727ක් වාර්තා වෙයි. 2018 වර්ෂයේ පළමු මාස දෙක තුළ දී දියේ ගිලී මිය ගිය සංඛ්‍යාව 93කි.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් එම පුද්ගලයින්ගේ නොසැළකිල්ල නිසා සිදු වූ මරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ දිනවල පවතින කලගුණික තත්ත්වයන් නිසා දිය නාමින් සිටින විට එකවරම විශාල දියපාරවල් ඇති වීමට ඉඩ තිබේ.තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙසටත් ජීවිත ආරක්ෂිත නිලධාරීන් සිටින ස්ථානවලින් දියට බැසීම,දිය නෑම සිදු කරන ලෙසටත් පොලීසිය ඉල්ලීමක් කරයි. අනතුරු හඟවන දැන්වීම්වල උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටී.

පොලීසිය විසින් 2017 දී ජීවිත 94ක් ද 2018 වසරේ මේ වනවිට ජීවිත 25ක් ද බේරගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ ජීවිතාරක්ෂක සේවයේ නිලධරීන් සමත් වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.