Print this page

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී

අප්‍රේල් 14, 2018

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කථා නායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ දී අප්‍රේල් මස 16 වන සදුදා දින පෙරවරු 10.16 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එය රාජ්‍ය සහ ජාතික වටිනාකමකින් යුතු උත්සවයකි. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සදහා වසර 6000 ක පමණ ඉතිහාසයක් ඇත. ලංකාවේ සිටි රාවණා රජතුමා එකට සිටි දක්ෂ වෛද්‍යවරයෙකි.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරයි.