Print this page

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රි ලංකාවේ අපේක්‍ෂාවයි

මාර්තු 13, 2018

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක 9 වන කර්මාන්ත නවෝත්පාදන සහ යටිතල පහසුකම් (Industry Enovation and Infrastructure ) සංවර්ධනය යටතේ ශ්‍රී ලංකාව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රිත කර්මාන්තකරණයට නැඹුරු වී සිටින බවත්, මේ වන විට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT - Information and Communication Technology ) කර්මාන්ත අපනයනයෙන් 4 වන ස්ථානයේ පසුවන බවත්, එය ඉදිරි වසර කීපය තුළ පළමු ස්ථානයට ගෙන ඒමට අපේක්‍ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවති " ඩිජිටල් වෙළඳ හා කර්මාන්තකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආසියානු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වැඩමුළුවේ " ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා වාණිජ කටයුතු සංවිධාන හෙවත් UNCTAD  සංවිධානය විසින් සංවිධානය කරන ලද අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියාවේ ලෝක වෙළඳ සංවිධාන අධ්‍යයන මධ්‍යස්ථානය (Center for WTO Studies of India) හා ශ්‍රි ලංකා අපනයන ණය රක්‍ෂණ සංස්ථාව (Sri Lanka Export Credit Insurance Coperation ) සහයෝගය ලබා දී තිබුණි. මෙහිදී කර්මාන්ත හා ව්‍යවසායකත්වයන්, ඩිජිටල්කරණය හා කර්මාන්තකරණය කිරිම පිළිබඳව වන ප්‍රතිපත්ති සම්පාදනය ගැන අවධානය යොමු කෙරුණි.