Print this page

බිත්තර ආනයනය අසත්‍යයක් - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය කියයි

මාර්තු 12, 2018

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින බව අද (මාර්තු 12) පුවත්පත්වල පළ වී තිබෙන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

''සමහර පුවත්පත්වල මෙම අසත්‍ය පුවත් පළ වී තිබුණේ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරින් බව පළ වී තිබුණි.එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී බිත්තර මෙරටට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මඟින් දැනුවත්ව ඇති බව සඳහන් කර තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ සත්‍ය වශයෙන්ම නොදැන හිතා මතා අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින්, අසත්‍ය ප්‍රවෘත්ති මවන ආකාරයකි. අප අමාත්‍යාංශය බිත්තර ආනයනය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බවත්, ඒ පිළිබදව පළ වූ ප්‍රවෘත්ති සියල්ලම අසත්‍ය බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.''