Print this page

අලුත් වැඩපිළිවෙලක් පිළිබඳව රට දැනුවත් කරනවා

පෙබරවාරි 12, 2018

අලුත් වැඩපිළිවෙල මාධ්‍ය හරහා රට දැනුවත් කරන්න බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් කළා, ඡන්ද ප්‍රතිඵලය ගැන. අලුත් වැඩපිළිවෙල මාධ්‍ය හරහා රට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනසක් සිදුවිය යුතුයි. අලුත් දේවල් සිදු කළ යුතුයි. පළාත් පාලන ඡන්දයේ දී
ජනතාව ලබාදුන් තීන්දුව හිස නමා පිළිගන්නා බවද අමාත්‍යවරයා පවසයි.