Print this page

උතුරු නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි

පෙබරවාරි 11, 2018

උතුරු සහ නැඟෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කළුතර ,රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ අනෙකුත් පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.