Print this page

ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරේ

පෙබරවාරි 11, 2018

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිකුත් කෙරෙන ප්‍රථම නිල ප්‍රතිඵලය නිකුත් කෙරේ. මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබේ.

ඉලංගෙයි තමිල් අරෂ කච්චි පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1836ක් වන අතර නියෝජිතයන් ගණන 6කි. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1505ක් වන අතර ලබාගත් නියෝජිත සංඛ්‍යාව 4කි. ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 523කි. ලබාගත් ආසන සංඛ්‍යාව 2කි.